පුනරුදය ආපස්සට !system unchanged ?

0
17

පහුගිය දවසක දිප්ති කුමාර ගුණරත්ත එක්තරා  සාකච්ඡාවකදි ඉතාමත් වැදගත් කරුණක් මතු කලා ඒ මාලිමාව ඡන්ද වලට කලින් පම්පෝරි ගහපු සිස්ටම් චේන්ජ් ගැන.

දිප්ති කිව්වේ මිනිස්සුනගේ එදිනෙදා ජිවිතයට සම්බන්ධ කාරණාවලදි අති සරල නමුත් ⁣පුනරුදය යටතේ වෙනස් කරන්න හිතලවත් නැති දේවල් ගැන.

⁣ඒ අදහස් පළකිරිම් වලදි තදින්ම දැනුන කරුණ තමයි අධිකරණ .අපි වැඩි දෙනෙක් යන්න අකමැතිම තැන .තෝලකයා, ඒ ව්තරක් නෙමේ අපි සිරුවෙන් සිටින්ද පහසුවෙන් සිටින්ද කියල විනාඩි 5කට සැරයක් චෙක් කරන්න එන අධිකරණය ඇතුලේ ඉන්න පොලිස්කාරයා .සමහර අය ඉන්නේ නඩුකාරයටත්  උඩින් .උඩ බොත්තම දාගන්න කියල පවා අණ කරනව.

ඉතින් දිප්ති ඇහැව්වේ පුනරුද ආණ්ඩුව ඇවිත් මාස 6ක් .නමුත් අධිකරණ ඇමති නිකමටවත්  හිතල තියෙනවද  අධිකරණ ශාලාවක් ඇතුලේ තියෙන සමාන්‍ය මිනිස්සු බරපතල විදියට පිඩාවට පත්කරන මේ කාරණ ගැන.

එහෙම පසුබිමක තමයි දුරකතනයක් නාද වුනා කියල ජිවිතයකින් වන්දි ගෙවන්න වුන ඉතාමත් අවාසනාවන්ත තත්වයක් උදාවෙලා තියෙන්නේ.

සමාජය වෙනස් කරන්න ආපු අය මේව ගැන මොකද කියන්නේ.

සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් වෙච්ච නීතිඥ නාමල් රාජපක්ෂ එයාගේ ⁣⁣ෆේස්බුක් එකේ ඉතා වැදගත් සටහනක් ලියල තිබුනා.

පහත පළවෙන්නේ ඒක..

Cannibalism of Judiciary
Cannibalism යනු මිනී මස් අනුභව කිරීමයි වයස අවුරුදු 45ක් වන අසංක ඉඳුනිල් පසුගිය අප්‍රේල් 30 වනදා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ගියේ රිය අනතුරක් සම්බන්ධයෙන් මිතුරෙකුට ඇප. තැබීම සදහා වේ. අධිකරණ පරිශ්‍රයේ රැඳී සිටියදී ඔහුගේ දුරකථනය නාද වීම නිසා අධිකරණයට අපහාස වීම චෝදනාව ක් ගොනු කරන ලෙස නියෝග කරමින් ඔහු ව දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එහිදී සිදු වූ පහරදීමකින් ඔහු මිය ගොස් ඇත.

ශ්‍රී ලංකා රාජ්‍යය කොතරම් මිනීමරු අපරාධකාරී රාජ්‍යයක්ද එම රාජ්‍යයේ අධිකරණය චේතනාන්විත ව නොව අත පසු වීමක් නිසා දුරකථනය නාද වීම නිසා දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම .

1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සදහන් වනුයේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යන්න වේ .ඒවන් රටක මෙවන් දෙයකට මෙවැනි දඩුවමක් ලබා දීමක් සිදු වන්නේ නම් එය ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් නොව ම්ලේඡ්ච රාජ්‍යයක් වේ

වසර 76කින් පසු ලංකාවේ ප්‍රථම වතාවට බිහි වූ පොදු ජනතාවගේ රජය තමන්ගේ රජය යැයි පම්පෝරි ගසන මාලිමා ආණ්ඩුවේ අධිකරණ ඇමැතිතුමා හට මා කලින් සදහන් කර ඇති පරිදි මාස 6 ක් ගත වී ඇතත් මේ අත්තනෝමතික නීති ඉවත් කිරීම සඳහා හෝ සංශෝදනය කිරීම සඳහා නොහැකි වී ඇත.වසර 2ක කාලයක් සදහා රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන විරුද්ධවාදීන් පවා නතු කර ගනිමින් පනත් 70ක් පමණ සම්මත කර ගත් අතර ඒ පනත් අතර ඇති මාර්ග ගත සුරක්ෂිත පනත,අධිකරණයට අපහාස කිරීමේ පනත සහ නීති විරෝධී මත් ද්‍රව්‍ය සංශෝධන පනත් අත්තනෝමතික වේ.එසේ වුවත් අධිකරණ ඇමැති තුමා පම්පෝරි ගසනවා මිස එක පනතක් හෝ ගෙන ඒම ට හෝ සංශෝධනය කිරීමට නොහැකිව තෙපර බබා සිටි .

Cannibalism of Judiciary නිසා මේ මිය ගිය මේ පුද්ගලයා වෙනුවෙන් රාජ්‍යය සෑහෙන වන්දියක් ගෙවිය යුතු බව අවධාරණය කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here