( 10.00 am ) විදුලි මීටරය යථා පරිදි සටහන් නොවන සේ වංචනික ලෙසත් නීති විරෝධී ලෙසත් විදුලිය ලබාගෙන පරිභෝජනය කළේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ මීගමුව හලාවත පාරේ ප්‍රධාන හෝටලයක හිමිකරු බව කියන මොහොම්මඩු අබුබකර් මොහොමඩු රමේස් යන පුද්ගලකු 13 වෙනිදින දක්වාරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රඛිත අබේසිංහ මහතා 09 වෙනි දින නියෝග කළේය.
ලංකා ඉලෙක්ට්‍ට්‍රිසිටි කොම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ සේවය කරන විමර්ශන නිලධාරී තුසිත කුමාර සිරිවර්ධන යන අය මෙම සැකකරු විසින් තමාගේ ව්‍යාපාර ස්ථානයට විදුලි මීටරයේ ගමන් කිරීම වෙනස් කොට සටහන් නොවන සේ විදුලිය වංචනිකව ලබාගෙන ඇතැයි මීගමුව පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි , එම විදුලිය ලබා ගැනීම හා පරිභෝජනය කිරීම ශ්‍රී ලංකා විදුලි පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ඔහු සඳහන් කර ඇත,
මීගමුව පොලිසියේ නඩු කටයුතුමෙහෙයවන සැරයන් 35402 සුජිත් රන්දුනු නිලධාරියා විසින් සැකකරුට විරුද්ධව පැමිණිල්ලක් අධිකරණයට ගොනුකරන 13 වෙනිදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.මෙහිදී වංචනිකව විදුලිය ලබා ගැනීම සිදුකළ අනවසර වෙනස්කමක් කර තිබූ එම මීටරේ කොටස් අඩංගු පාර්සලය මුද්‍රා තබා නඩු භාන්ඩ වශයෙන් අධිකරණයට භාරදෙන ලදී.
රේමන් අපෝන්සු












