
(3.50pm )නිදහස් මාධ්‍යවේදිනියක හා පාරම්පරික වෛද්‍යවරියක වන මධූ ඈන් රණවීර මහත්මියට පමුණුගම පොලිසිය තුලදී පොලීසිය විසින් කතෝලික පියතුමෙකු ඉදිරියේ දී අමානුෂික අන්දමට පහරදීමට එරෙහිව මාධ්‍ය හමුවක් මාධ්‍ය සංවිධානල මානව හිමිකම් ක‍්‍රියාකාරීන් හා සමාජ ක‍්‍රියාකාරීන් විසින් එක්ව මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ්දී (CSR) ආයතනයේදී, පවත්වනු ලැබීය. මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ් විධායක අධ්‍යක්ෂ නීතිඥ ගරු අශෝක් සිටීවන් පියතුමා, මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ රුකී ප්‍රනාන්දු, ජාතික මහජන සභාවේ කැදවුම්කරු හා දේශපාලන ක‍්‍රියාධර චමීර පෙරේරා හා ප‍්‍රහාරයට ලක් වූ පාරම්පරික වෛද්‍ය ඈන් රණවීර මහත්මියද මෙම මාධ්‍ය හමුවට එක්වීය. මාධ්‍ය හමුව සංවිධානය කරනු ලැබූවේ මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය විසිනි. විශේෂයෙන් පොලීසියක් තුළ කාන්තාවකට කතෝලික පියතුමෙකි ඉදිරියේදී අමානුෂික ලෙස පහරදීම මෙහිදී සියල්ලන් මාධ්‍ය ඉදිරියේ දැඩි ලෙස හෙලා දකින ලදි.












