පොහොට්ටුවේ – දුරකතනයේ හා එජාපයේ ජාතික ලැයිස්තු මෙන්න

0
221
email sharing buttonsharethis sharing buttonlinkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
Election 2020 list
මහ මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් එන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය අද (19) ප්‍රකාශයට පත්කරනු ලැබීය.ඒ අනුව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් හා මහලේකම් නීතීඥ සාගර කාරියසම් මහත්වරුන් ජාතික ලැයිස්තුවට ඇතුළත්ව ඇත.   ඊට අමතරව ජනාධිපති නීතීඥ අලී සබ්රි, මහාචාර්ය වරිත හේරත්, හිටපු ආණ්ඩුකාරවරුන් වන මහාචාර්ය තිස්ස විතාරණ, සීතා අරඹේපොළ යන මහත්ම මහත්මීන් ජාතික ලැයිස්තුවට ඇතුළත්ව ඇත.   එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස හා හිටපු ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් ද ජාතික ලැයිස්තු නියෝජනයන් හිමිව තිබේ.

Image result for pohottuwa logo    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

සම්පුර්ණ නාමලේඛනය මෙන්න

 

image d49c3b825b

 

තිස්ස, හරින්, මද්දුම බණ්ඩාර, ඉරාන් නායකයින් රැසක් සජිත්ගේ ජාතික ලයිස්තුවේ !

SJB logoසමගි ජන බලවේගය 

මහ මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් එන ‘සමගි ජන බලවේගයේ’ අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය අද (19) ප්‍රකාශයට පත්කරනු ලැබීය.

එම පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ප්‍රචාරක සම්බන්ධිකාරක හරින් ප්‍රනාන්දු, මැතිවරණ සංවිධායක ඉරාන් වික්‍රමරත්න ඇතුළු එම පක්ෂයේ ප්‍රධානින් රැසක් එම ජාතික ලැයිස්තුවට එක්කර තිබේ.

එසේම,  ඉමිතියාස් බාකිර් මාකර්, මයන්ත දිසානායක, ශිරාල් ලක්තිලක, ඩයනා ගමගේ, ප්‍රියන්ත කාරයප්පෙරුම, ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද, රවී ජයවර්ධන, චමීර පෙරේරා, මොහොමඩ් නිසාන් කාරියප්පර්, හුසේන් බයිලා ඇතුළු පක්ෂ නියෝජිතයින් රැසක් මෙම ලේඛනයට ඇතුලත් කර ඇත.

 

සජිත් ප්‍රේමදාස නායකත්වය දරන ‘සමගි ජන බලවේගයේ’ ජාතික ලැයිස්තු මන්ත්‍රී නාමලේඛනය මෙන්න

SJB List 1

 

Image result for unp logo  එක්සත් ජාතික පක්ෂය 

මහ මැතිවරණයට ජාතික ලැයිස්තුවෙන් එන ‘එක්සත් ජාතික පක්ෂයේ’ අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනය ද මේවනවිට ප්‍රකාශයට පත්ව ඇති අතර ජෝන් අමරතුංග, කරුණාසේන කොඩිතුවක්කු, ආශු මාරසිංහ, තිලක් මාරපන, දයා පැල්පොල, රොනල්ඩ් පෙරේරා, නිශ්ශංක නානායක්කාර, සමන් රත්නප්‍රිය, සුදත් චන්ද්‍රසේකර ඇතුළු 29 දෙදෙකු ගෙන් එම ලැයිස්තුව සමන්විතවේ.

එජාප ජාතික ලැයිස්තුව මෙන්න :

UNP List

theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here