බනිස් ගෙඩියක මිළ රු 10 කින් ඉහලට ! කෝ මේ ලංසා ..???

0
950

IMG 20220315 080913 scaledබනිස් ගෙඩියක් ගන්න අද මිගමුවේ තියෙන ප්‍රකට බේකරි නිෂ්පාදන ආයතනයකට ගියාම ඒ්කේ බඩු විකුණන අයටත් අප්සට් දැන් කෑම වල මිළ ඉහල ගිහින් තියෙන හැටි ගැන.
කන්න බනිස් ගෙඩි දෙකක් ගත්තම ඒකේ බිල ගෙවන්න යද්දි කැෂියර් එකේ මල්ලිත් කියනව දැන් මහත්තයා බනිස් ගෙඩියකුත් රු 10 කින්ම වැඩිවෙලානේ.
බලන්න කො…කියල
මට එක පාරටම මතක් වුනේ වෙන කාවවත් නෙමේ ලංසාව . මතකද මිනිහ වැලපුන හැටි බැසිල් ආවොත් නම් සහන දෙනවා ලෙසටම කියල.

මයික් ටයිසන් කෙනෙක් හැටියට පොහොට්ටුවේත් ප්‍රසිද්ධ , ඒ විතරක් නෙමේ මොල හතේ ඇමතිගේ  නිල නොවන මාධ්‍ය ප්‍රකාශක වුන ලංසා ගැන අම්මපා කිසිම ආරංචියක් නැති හැටි
යකෝ මයික් එකක් ලගට ඇවිත් කියපන්කෝ දැන් මිගමුවේත් බනිස් ගෙඩියක් රුපියල් 10 කින් වැඩිවෙලා . සහන දෙන්න මේ ආණ්ඩුවට බැරිවෙලා මම ඒ හින්ද ඉල්ල අස්වෙනව කියල

මිනිහට නම් මොකද සෙරප්පු දාගෙන දේශපාලනය ආවට දැන් ඔ්ස්ට්‍රේලියාවේ ගිහිල් පදිංචි වෙලා ඉන්න තරම් සෞභාග්‍ය උදාවෙලානේ ….

කිර්ති ප්‍රනාන්දු
දළුපත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here