බසියාවත්තේ රා තැබැරුම අසල ගිය රජයේ හිටපු නිලධාරීන් සහ දේශපාලකයන් එක්ක එකතුවෙලා කලපුව ගොඩකර ගොඩනැගිල්ලක් ඉදිකිරිමට කටයුතු සලසලා දී තිබුණි.
මේ ගොඩනැගිල්ලේ පිහිණුම් තටාකයක්ද ඇති තනා තිබෙන අතර මේවා ඉදිකර ඇත්තේ කලපුවට අයිති භුමිය අල්ලාගෙන බවට බරපතල චෝදනාවක් මුල පටන්ම මෙහි හිමිකරුට එරෙහිව එල්ල විය..
මෙම ඉදිකිරිම් වලට අදාලව කලපුවෙන් අල්ලාගෙන ඇති කොටස මුලමනින්ම නීති විරෝධි එකක් බව ඉතා පැහැදිලි අදාල බලධාරිහු අවධාරණය කර සිටිති.
ප්‍රදේශය භාර හිටපු ග්‍රාම නිලධාරීවරිය පවා මේ නිති විරෝධි කටයුත්තට එරෙහිව වුවද දේශපාලන බලවතුන්ගේ සහ ඇතැම් නිලධාරින් සහය මත මේ පුද්ගලයා මේ නීතිවිරෝධි කටයුත්ත දිගටම කරගෙන ගොස් ඇති බව අප අවස්ථා කිපයකදිම මතුකරන්නට යෙදුණි.
අප මේ සම්බන්ධයෙන් මිගමුව ප්‍රදේශිය ලේකම්තුමියගෙන්
කළ විමසිමකදි ඇය ප්‍රකාශ කර සිටියේ මේ පැහැදිලි නීති විරෝධි කටයුත්තට එරෙහිව අනිවාර්යයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවය.
ඇය තවදුරටත් මිට පෙර කියා තිබුනේ මෙම නීති විරෝධි ඉදිකිරිම දින 42 ක් ඇතුලත ඉවත් කරන දැනටමත් දන්වා ඇති බවත් ඒ දින 42 පසුගිය ජනවාරි 12 වෙනිදායින්
අවසන්ව ඇති බවත්ය.
මේ අතර අප මේ සතියේදි කළ විමසුකදි ඇය ප්‍රකාශ කර තිබුනේ මෙම නිතිවිරෝධි ඉදිකිරිම කර තැනැත්තාට අවසන් නිවේදනයද පසුගිය දිනකදි යවන්නට යෙදුන බවත් ,නීති මාර්ගයෙන් අනිවාර්යෙන්ම කටයුතු කරන බව යළිත් වරක් අවධාරණය කර සිටියාය.
මේ අතර මේ අනවසර ඉදිකිරිමට එරෙහිව කටයුතු කරමින් සිටින අය මිපුර අමතා කියා සිටියේ ප්‍රාදේශීය ලේකම්වරිය එකම දේ දැන් කලක සිට ප්‍රකාශකරමින් සිටියද අවශ්‍යම පියවර ගැනිම දිගින් දිගටම කල්යමින් පවතින බවය.












