මානව හිමිකම් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ස්වීඩන් රජය මගින් ලබාදෙන පර් ඇන්ගර් (Per Anger prize) සම්මානයෙන් මානව හිමිකම් ක්‍රියාකාරී , අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා පිදුම් ලැබ තිබේ.
බ්‍රිෙටා් ප්‍රනාන්දු ලංකාවේ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් දීර්ඝ කාලයක් සටන් කළ ක්‍රියාධරයෙක් වන අතර ශ්‍රී ලංකාවේ අතුරුදහන්වූවන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිදුකරන අරගලයේද ඉදිරිගාමී වැඩපිලිවෙලක පෙරමුණ
ගෙන කටයුතු කළ අයෙකුද වෙයි. ලංකාවේ බහුජන අරගල ක්ෂේත්‍රය තුල නව අරගල සංස්කෘතික
ගොඩනැගිමට මුල්වු ප්‍රධාන ක්‍රියාකාරිකයෙකුද වේ.














