බැදල කනවනම් මෙන්න මාළු.කොයියෝ සුපිරියි.

0
552

මාළු බැදල කන්න කව්ද අකමැති. හැබැයි බැදුමකට හොදම මාළු වර්ග මොනවද කියල ඇහැව්වොත් අපි හුග දෙනෙක් දන්නේ වර්ග කිපයක් විතරයි.පි
නමුත් ධීවරයෝ දන්නව ඒ ගැන පට්ට විදියට.

හැබැයි වැඩේ කියන්නේ මේ දවස් වල තියෙන මිළත් එක්ක මාළු බදිනව තියා පූසෙක්ටවත් මාළු ටිකක් ගන්න එක ලොකුම ගේමක්.

අද සෙනසුරාදා වෙලත් මිගමුව දූව පිටිපන ලෙල්ලමට ගෙදර කෑමට මාළු ගන්න ඇවිත් හිටපු පිරිස ඉතාමත් අඩුයි.ප්‍රධාන කාර⁣⁣ණේ මාළු වල මිළ.අනික හැමෝගෙම ආදායම මදිකම.

කොහොම උනත් මාළුවෙක් බැදල කන එක වෙනමම ආතල් එකක්.හැබැයි මේ කාලේ හුරුල්ලෝ ගැන හිතන්නවත් බෑ .අද (28) කිලෝ එකක් රු 1100ක්.

Screenshot 20250628 055501
කරට්ටයා

අපි අහල තියෙනවානේ කරට්ටයෝ.
බැදල කාලත් ඇතිනේ.
ටිකක් කටු තමයි. ඒත් ඇත්තටම අපුරු බැඳුමක්.බයිට් එකටත් අගෙයි .

IMG 20250628 115637
කොයියෝ

ඒ වර්ගෙටම අයිති තවත් අපුරු මාළු ජාතියක් ඉන්නව කොයියෝ කියල.
ඉක්මනින්ම බැදෙනවා.කටුවුණත් අහුලක් නැ . හොදට හපල කන්න පුළුවන් ,හරිම සොෆ්ට් හරිම රසවත් ජාතියක්.
හැබැයි ටිකක් හොයාගන්න නම් අමාරුයි. බැරිවෙලාවත් කොයියෝ හිටියොත් මගහැරගන්න එපා. අපරාධයක්. එක සැරයක් බැදල කාල බලන්නකෝ…එතරම් මිළක් නොවන කොයියන් කිලෝවක් අද අලෙවි වුනේ රු  150කට.

බැදල කන්න විතරක් නෙමෙයි බැදල උයන්නත් පුලුවන් හොද්දත් මරු හරිම රසයි.සාලයෝම රු 650 වෙච්ච කාලෙක කොයියෝ බැදල උයාගෙන ෂේප් වෙන්නත් පුලුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here