බැසිල් හිටියනම් මෙහෙම වෙන්නේ නැහැ : ලන්සාගේ ප්‍රහාරය ජනපතිටද?

0
114
lanza 2021.06.14

බැසිල් රාජපක්ෂ සිටියේ නම් ඉන්ධන මිල ඉහළ දැමීමට කිසිඳු ලෙසකින් ඉඩ නොදෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා අවධාරණය කර සිටියි.     එහෙයින්, ඉන්ධන මිල අඩු කිරීම සඳහා මැදිහත් වන්නැයි බලශක්ති අමාත්‍යතුමා ගෙන් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියි.   එමෙන්ම ජනාධිපති අගමැති ඇතුළු ජීවන වියදම් කමිටුවද මේ සඳහා අවධානය යොමු කළ යුතුව ඇතැයි ද  රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පවසයි.   එසේ නොවුණහොත් සංචරණ සීමා අවසන් වූ පසු ජනතාව ආණ්ඩුවට විරුද්ධ වූ උද්ඝෝෂණය කරනු ඇතැයිද ඔහු අනතුරු අඟවා සිටින බව theleader.lk වෙබ් අඩවිය විසින් වාර්තා කර තිබේ

කෙසේවුවද උදය ගම්මන්පිල අමාත්‍යවරයා පසුගිය 13 වනදා මාධ්‍ය හමුවක් කැඳවා කියා සිටියේ, ඉන්ධන මිල ඉහළ නැංවීමේ තීන්දුව ගත්තේ ජනාධිපති, අගමැති ඇතුළු ආණ්ඩුව විසින් බවයි. තමා කළේ එම තීන්දුව ප්‍රකාශයට පත්කිරීම බවත් ඔහු සඳහන් කළේය.   මිල වැඩිකිරීමේ තීන්දුව ගත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මුලසුන ගත් ජීවන වියදම් කමිටුව විසින් බව කී ඇමතිවරයා, එයට මුදල් ඇමතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂගේ එකඟතාව ලැබුන බව කියයි.  

  ජනාධිපති මාධ්‍ය අංශය විසින්ද නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සනාථ කලේය.   පසුගිය මාස කිහිපය තුළ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල අඛණ්ඩව ඉහළ යාම තුළ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුවේ දී අවධානය යොමුකරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය සිය නිවේදනය මගින් පෙන්වා දී තිබිණ.       

Screenshot 20210615 200341



මේ අතර නිමල් ලංසා විසින් බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් කරන්නට යෙදුන ප්‍රකාශය විවේචනය කරමින් සමාජ මාධ්‍ය හි ප්‍රශ්ණ කර සිටින්නේ බැසිල් රාජපක්ෂ මන්ත්‍රිවරයෙක්ද ? එසේත් නැති නම් කැබිනට් ඇමතිවරයෙක්ද ? එසේත් නැතිනම් ඒ සියල්ලනට වඩාත් බලගතු කෙනෙකුදැයි කියාය.
සාමාන්‍ය අර්ථයෙන් ගත් කළ බැසිල් රාජපක්දෂ යනු සැබැවින්ම ඔහු අගමැතිට හා ජනපතිට ලේ නෑකම් කියන අයෙකු පමණි.
තතු එසේවි තිබියදි බැසිල් සිටියේ නම් තෙල් මිළ ඉහල නොදමනු ඇතැයි කිමෙන් නිමල් ලංසා විසින් පහර එල්ල කර සිටින්නේ ජනපතිට හා අගමැතිටද යන ප්‍රශ්ණය දේශපාලන සමාජය තුල මේ වන විට සංවාදයට ලක්ව තිබේ.
මුලාශ්‍රය – theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here