මාලිමා රජය මැතිවරනයට පෙර කැට තියා කියා තිබුනේ පුනරුද පාලනයක් යටතේ බිච් පාක් එක කඩිනමින්ම මහනගර සභා පාලනය යටතට පවරා ගන්නා බවය.
පැවැති සම්බන්ධිකරණ කමිටු රැස්විම්වලදි මෙන්ම වත්මන් නාගරික කොමසාරිස්වරියද කියා තිබුනේ දවස් කිපයකින් එය පවරා ගත හැකි බවය.
එහෙත් එය එසේ වුයේ නැත.
ලංසා පවුල මේ සියල්ලටම පෙර සිටම සුදානම් වෙමින් බිච් පාක් ආදායම තවදුරටත් සිය පියාගේ උවමනාවෙන් වෙනුවෙන් වෙන්කරගැනිමට මෙවර ගසා තිබුන තුරුම්පුව වි තිබුනේ නගාරික සංවර්ධන අධිකාරියත් සමඟින් ගිවිසුම්ගත වු කොම්පැනියක් අටවා ගැනිමටය.
මේ කොම්පැණිය කගේදැයි නගර සභාවේ ඉහල සිට පහල දක්වාම දන්නෝ සිටිති.
කොටින්ම කියන්නේ නම් මේ කොම්පැනියේ ඩිරෙක්ටර කෙනෙකු වන්නේද මිගමුව මහ නගර සභාවේ ආදයම් පරික්ෂක නිලධාරියෙකු බවද කියැවේ.
ඔහු පවුලට කිට්ටුම අයෙකු බවද සැලය.