බිස්කට්,රසකැවිලි මිළ පහලට …

0
264
රසකැවිලිවහාම ක්‍රියාත්මක වන පරිදි රසකැවිලි ද්‍රව්‍යවල මිල සියයට 10-13 කින් අඩු කිරීමට තීරණය කර ඇතැයි ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය සදහන් කර ඇතැයි දිනමිණ වෙබ් අඩවිය වාර්තා කර තිබේ.
එම සංගමයේ සභාපති එස්. එම්. ඩී. සූරියකුමාර මහතා පැවසුවේ, සියලුම නිෂ්පාදන කාණ්ඩ හරහා රසකැවිලි නිෂ්පාදනවල මිල පහත වැටීමක් පාරිභෝගිකයින්ට දැකගත වනු හැකි බව එම පුවතේ වැඩිදුරටත් සදහන්ය.
ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකක මිල පහත වැටී ඇති බැවින් වෙළඳපොලේ රසකැවිලි ද්‍රව්‍යවල මිල අඩු කිරීමට තීරණය කර ඇත.
රසකැවිලි නිෂ්පාදනය සඳහා භාවිත කරන සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 40 කින් පහත වැටී ඇති අතර එළවළු තෙල් කිලෝවක මිල රුපියල් 250 කින් පමණ පහත වැටී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here