මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකුට මීගමුවේදීී වෙඩි තබයි. …

0
146

මීගමුව, ශාන්ත ජෝසප් වීදියේ “ආර්පිකෝ” සුපිරි වෙළඳසැල ආසන්නයේ දී අද දින ( 30/03/2026) සවස 4.30 ට පමණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු ගමන් කළ වාහනයකට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ( නාකොටික් ) නිලධාරින් විසින් සිදුකළ වෙඩි තැබීමකදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ. එලෙසම එම සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 ක් සොයා ගත් බවද පොලිසිය සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බඩල්ගම සහ මතුගම පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පැමිණි වාහනය පොලිස් අණ නොතකා පලායාමට උත්සාහ කර ඇති අතර එම ජාවාරම්කරුවන් වාහනයකට සහ පාපැදි 02 ක් අනතුරකට ලක් කර ඉතා වේගයෙන් , ඔවුන් පදවාගෙන පැමිණි වාහනය ධාවනය කිරීමේදී මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරිනියක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇතැයි ද වාර්තා වේ. වැඩිදුරටත් වාර්තා වන පරිදි එම අවස්ථාවේ සැකකරුවන් ගමන් කළ වාහනේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙක් ද උපාය දූතයෙකු වශයෙන් ගමන් කරමින් සිට ඇත.

සැකකරුවන් කිසිවෙකුට තුවාල සිදුවීමක් ගැන වාර්තා නොවන අතර මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකුට සුළු තුවාල ලබා, එම නිලධාරියාව මීගමුව රෝහලට ඇතුළත් කල බව ද වාර්තා වුණි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනාව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාරයංශය මගින් උපාය දූතයෙකු යොදවා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීමේදී ඔවුන් පලායාමට උත්සාහ කිරීම නිසා මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මීගමුව සහකාර පොලිස් අධිකාරි රත්නායක මහතා ,මීගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තල් වත්ත මහතා , දූෂණ මර්ධනාංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එස්.කාර්තිපන් මහකා, පොලිස් පරීක්ෂක සිල්වා මහතා ඇතුළු නිලධාරින් පිරිසක් මෙම විමර්ශනවලට එක්වූහ.

සටහන සහ ඡායාරූප .-
රේමන් අපෝන්සු

සුදු පැහැති වාහයෙන් සැකකරුවන් පැමිණ
ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here