මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන්, දොන් බොස්කෝ මුලිකත්වයෙන් වැඩසටහන් රැසක් ! .

0
438

 

මේ ගෙවී යන සතිය මත් ද්‍රව්‍ය නිවාරණ සතියයි. මීගමුව යනු මත්ද්‍රව්‍ය බෙහෙවින්ම ව්‍යාප්ත වූ ප්‍රදේශයක් මෙන්ම මත්ද්‍රව්‍ය වලට වැඩියෙන්ම ඇබ්බැහි වූ පිරිසක් සිටින ප්‍රදේශයක් ලෙසද හැඳින්විය හැකිය. එවන් තත්ත්වයක් තුළ මීගමු පුරවරයේ ඇතුළු රටේ සමස්ත දරු පරපුර සහ තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලට යොමුවීමෙන් සහ ඇබ්බැහි වීමෙන් වලක්වා ගැනීමට මීගමු ප්‍රදේශයේ ඇති ප්‍රධානතම කාර්මික හා වෘත්තීය පුහුණු පාසලක් වන දොන් බොස්කෝ මධ්‍යස්ථානයේ සිසු දරුවන් එකමුතුව මත්ද්‍රව්‍ය නිවාරණ පා ගමනක් පැවැත්වීය.

දුන් බොස්කෝ මධ්‍යස්ථානයේ කාර්මික හා වෘත්තීය පුහුණු අධ්‍යාපනයේ යෙදෙන සිසු දරුවන් 250 ක් පමණ මේ සඳහා සහභාගි වූහ. ජුලි 01 වැනි අඟහරුවාදා දින පෙරවරුවේ , මීගමුව දොන් බොස්කෝ මධ්‍යස්ථානයේ සිට ඒත්තුකාල දේවස්ථානය හරහා, ගමන් කර, ඒත්තුකාල සංචාරක කලාපයේ බ්‍රවුන්ස් හන්දියට පැමිණ ,ඔවුන් අත රැදි පුවරු ප්‍රදර්ශනය කරමින් මත්ද්‍රව්‍යවලට ලොල් වීමේ ආදීනව පිළිබඳව ජනතාව දැනුවත් කළහ. ඉන්පසු නැවතත් පාගමනින් දොන් බොස්කෝ මධ්‍යස්ථානය වෙත ගමන් කිරීම සිදුවිය.
ඉන් අනතුරුව දොන් බොස්කෝ මධ්‍යස්ථානයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පෙරවරු 11.30 ට මත්ද්‍රව්‍ය නිවාරණ පිළිබඳව වු වියත් දේශනයක්ද පැවැත්වීය. එම වියත් දේශනය හෝරා 02 ක පමණ කාලයක් පැවති අතර මෙම දේශනය සිදු කලේ විෂන් ලංකා” ආයතනයේ වියත් දේශකයකු වන එම්.එන්. ඒ. රහුමාන් මහතා විසිනි එම සම්බන්ධීකරණ කටයුතු සිදු කර තිබුණේ මීගමු පොලිස් ස්ථානයේ ,පොලිස් සැරයන් ටී.එස්.එදිරිසිංහ මහතා විසිනි.

මෙම මත්ද්‍රව්‍ය නිවාරණ පා ගමන සහ එම වියත් දේශනය දොන් බොස්කෝ මධ්‍යස්ථානයේ වර්තමාන අධ්‍යක්ෂක සහ විදුහල්පති වන ඩොනල්ඩ් රෙජිනෝල්ඩ් ප්‍රනාන්දු පියතුමා ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර ඒ සඳහා දොන් බොස්කෝ මධ්‍යස්ථානයේ සියලු ගුරු භවතුන්ගේ සහාය සහ මඟ පෙන්වීම ලැබී තිබිණි.IMG 20250701 WA0123IMG 20250701 WA0128IMG 20250701 WA0159IMG 20250701 WA0157IMG 20250701 WA0150IMG 20250701 WA0107IMG 20250701 WA0138

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here