මහ රෑ දේහයක් ආදාහනය කරල ෆේස්බුක් දාපු නගරාධිපතිවරයා ?

0
545

කොවිඩ් සමයේදි ලංසා පාලනය රටේම පොදු සමාජය තුලත් වි⁣ශේෂයෙන්ම    මුස්ලිම් සමාජය  තුලත් දැඩි පිළිකුලකට ලක්වු සිදුවිමක් .

ඒකට හේතුව තමයි කොවිඩ් නිසා මිය මුස්ලිම් ජාතිකයෙකුගේ දේහයක් මහ රෑ ඒ පවුලේ අයටවත් නිසි දැනුම් දිමක් හෝ නොකර මිගමුවේදි ආදාහනය කරල ඒ පින්තුර ෆේස්බුක් එකටත් දාපු එක.
මිගමුවේ හිටපු ප්‍රධාන පුරවැසියා එහෙම ම්ලේච්ඡ මනසක් තිබුන කෙනෙක් . මිගමුව කියන්නේ දේදුණු නගරයක්..එහෙව් නගරයක පාලනය ට කොහෙත්ම සුදුසු නැති

 ග්‍රෝත්‍රික  නගරාධිපතිවරයෙක් තමයි එදා මිගමුට හිටියේ.

මුස්ලිම් සමාජය කම්පාවට පත්කරපු මේ සිදුවිම මිගමුව මහනගර සභාවේ මංගල රැස්විම දවසේ ස්වාධින මන්ත්‍රිවරයෙකු හැටිය හිටපු පළාත් සභා මන්ත්‍රිවරයෙකු ,හිටපු උපනගරාධිපතිවරයෙකුද වන එම්.සකාවුල්ලා සිය කතාවෙිදි ලංසා පවුල ගැන සදහන් කරමින්  මේ කරුණත් ඉස්මතු කරල තිබුනා.

IMG 20250621 173910

මම විශේෂයෙන් මතක් කරනවා , මම ජාතිය වශයෙන් මම මුස්ලිම් ජාතිකයෙක්.  ඒවගේම මීගමුවේ දේශපාලනය තුල වැඩිම සිංහල ජනතාව ඡන්දේ දීපු දේශපාලනඥයෙක් මම.

මගේ ජාතිවාදය නෑ.මම හැම කෙනාටම ගරු කරනවා. මම පළාත් සභා ඉන්න කාලේ , මම දේවස්ථානවලට වගේම පන්සල් වලට වගේම, මුස්ලිම් දේවස්ථානවලටත් මට පුළුවන් විදියට මම සහයෝගය ලබා දුන්නා. එනිසා මම ජාතිවාදියෙක් නෙවෙයි. ඒ වගේම තමයි මම විශේෂයෙන් මතක් කරනවා, 2019 කාලයේදී කොයිඩ් වසංගතය ආවා. මීගමු නගර සභාව තමයි මුලින්ම මුස්ලිම් මරණයක් පිලිස්සුවේ .මීගමුවේ නගර සභාවේ විතරක්  තමයි, මේ මුළු රටේම මුස්ලිම් මරණයක් ආදාහනය කෙරුවේ.

ඒකට හේතුව මොකක්ද කියන එක මම දන්නෙ නෑ ඒක කෙරුවට කමක් නෑ ඒක යම් සුභදායී විදිහට මොකද තිබුන ජාත්‍යන්තරයේ නීතිත් එක්ක ඒ වෙලාවේ.

නමුත් ඒ වෙලාවේ හිටපු නගරාධිපතිවරයා මේකේ අමු අමුවෙන් පුච්චල දාලා රෑ 12.00 ට facebook එකේ දැම්මා, ඔන්න ඒ වගේ දේවල් සිදු නොවෙන්න ඕනේ.

ඒ වගේම තමයි මේ සභාවේ මුස්ලිම් මන්ත්‍රීවරු හිටියා .එක මුස්ලිම් මන්ත්‍රීවරයෙක්වත් ඒකට විරුද්ධව කතා කෙරුවේ නැහැ. ඒ ගැන මම කණගාටු වෙනවා. ඒ වගේම මේ මීගමූව  කියලා කියන්නේ දේදුනු නගරයක්. මුස්ලිම් මිනිස්සු ඉන්නවා, සිංහල මිනිස්සු ඉන්නවා , දෙමළ මිනිස්සු ඉන්නවා.කතෝලික අය ඉන්නවා, බෞද්ධ අය  ඉන්නවා, ඉතින් අපි සියලු දෙනාම එකට අත්වැල් බැඳගෙන ,එකා වගේ අපි ඉන්න ඕන නගරයක් මේක.IMG 20250618 WA0089

IMG 20250618 WA0094

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here