මහ වැසි මැද පිටාර ගලන මීගමු අසිරිය …..

0
170

IMG 20210604 WA0087

  ඊයේ( 03දා ) ඇද හැළුනු ධාරානිපාත වැස්ස නිසා මීගමු ජනතාවගෙන් විශාල පිරිසක්  දැඩි පීඩාවට ලක්වී ඇති අතර පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ගංවතුරෙන් යටවූ තම නිවෙස් වලම හිරවී සිටීමට ඔවුන්ට සිදුවී ඇත. පැය ගනනක් තිස්සේ පැවති වැස්ස විසින් කර කියා ගතහැකි දෙයක් නැතිව සිටින  මෙම ජනතාව වෙත කිසිදු පිළිසරණක් තවමත් ලැබී නැත.

මීගමුවේ ප්‍රදේශ කිහිපයකට මෙම ගංවතුර ප්‍රශ්ණයට නිතර මුහුණ දීමට සිදුවේ. දළුපත ප්‍රදේශයද ඇතුළුව රබර් වත්ත ,පුවක් වත්ත, ගෝමස් වත්ත , තැබෑරුම් වත්ත, ෆාතිමා වත්ත ආදී ප්‍රදේශ මීට ඇතුලත්වේ. මේවා පහත් බිම් වන අතර සුළු වැස්සකදී වුවත් ජලයෙන් යටවන සුළුය. මැතිවරණ කාලයේදී මෙකී ජනතාව වෙනුවෙන් වේදිකා දෙවනත් කරමින් බොරු පොරොන්දු දී බලයට පත්වන දේශපාලකයින් මෙම ජනතාවගේ ප්‍රශ්ණයන්ට නිසි විසඳුමක් දීමට සමත්වී නැත.
ඉහතකී ප්‍රදේශ වල විශේෂයෙන් ගංවතුර තත්වයක් නිර්මාණය වන්නේ ඇල මාර්ග වල ජලය ගලා යාම නිසි⁣ පරිදි සිදු නොවන නිසාය. ඊට ප්‍රධාන හේතුවක් වන්නේ අනවසර ඉදිකිරීම්ය. තමන්ගේ ඡන්ද දායකයා සැනසීම වෙනුවෙන් දේශපාලකයා පරිසරයට වන හානිය ගැන නොසළකති. ඔවුන් තමන්ගේම නීතිය බල්ලට දමා කටයුතු කරති. මහනගර සභාවේ නගරාධිපති, ඉංජිනේරු තැන ආදී වගකිවයුතු අයම අදාල සියළු කොන්දේසි උල්ලංඝනය කරති.

තමන්ට කතිරය ගැසූ අයට අනවසර ලෙස ⁣නිවාස තනා ගැනීම සඳහා
ඉඩ අවසර ලබාදුන් අවස්ථා ගනනාවක් මීපුර වෙබ් අඩවියේ තොරතුරු සහිතව හෙළි කල නමුත් , නගරාධිපතිගේ හෝ කොමසාරිස්ගේ ඇම්බැට්ටයෙක් නම් “ඔහේ කමක් නෑ” ප්‍රතිපත්තිය අනුව කටයුතු සිදුවේ. දළුපත දේවස්ථානය අසළ ඇල මාර්ගයක් වසා ඉන්ධන පිරවුම්හලක් සැකසෙන්නේ ඒ අනුවය. ( අද තැබෑරුම් වත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව ගංවතුරෙන් පීඩා විඳින්නේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි.) දළුපත අනවසර නිවාස කිහිපයටම අවසර ලැබෙන්නේ එකී ක්‍රමවේදයට අනුවය.
තත්වයන් සැකසී තිබෙන්නේ ගංවතුර නිසා වන පීඩාව වැසි දිනවලට පමණක් සීමාවී අවසන් වන ලෙසය. ඉන් පසු අදාල ජනතාවටද එය අමතකවී යන බව කිවයුතුය. බලධරයෝ මේ ජනතා ප්‍රශ්ණ තමන්ගේ පටු අරමුණු අනුව හසුරුවති. එබැවින් ඒ වෙනුවෙන් යම් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමේ ප්‍රධාන වගකීම අප මත පැටවී ඇති බව සියළු ජනතාවට අවධාරණය කර සිටිමු.
ඒ සඳහා අපි සූදානම් වෙමු…..
සැම්සන් ඥානසිරි

IMG 20210604 WA0088
IMG 20210604 WA0094
IMG 20210604 WA0106
IMG 20210604 WA0097
IMG 20210604 WA0099
IMG 20210604 WA0103

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here