මාර්ෂල් ව මම හදුනගන්නේ 35 කටත් කලින් ඉදන්
මට මතක හැටියට මාර්ෂල් ඒ කාලේ වැඩ කලේ බ්ලුඩයමන්ඩ් එකෙ.
එකේ තිබුන වැඩවර්ජනයකින් පස්සේ මාර්ෂලුත් තවත් කුරණ පැත්තේ සගයකුත් එක්ක තමයි අපි හමුවුනේ
බ්ලුඩයමන්ඩ් අරගලයට අරමුදලක් හදන්න කපුගේ ගී සැදැව මිගමුවේ සංවිධානය කරපු වැඩේදිත් මාර්ෂල්ල, අපි හමුවුනා.
අපි මිපුර පත්තරේ පටන් ගත්තු කාලේ ඉදන්ම මාර්ෂල් අපේ හොඳ පාඨකයෙක් වුනා විතරක් නෙමේ අපට ලොකු හයියක් දුන්න
පත්තර කිපයක් අරන් එයා තවත් අයට දුන්නා.
මාර්ෂල් කියන්නේ හොද දේශපාලන ඉවක් , දැනුමක් තිබුන කෙනෙක්.සහ දේවල් දැනගන්න ඒවා විග්‍රහ කරගන්න උන්නදුවක් තිබුන කෙනෙක්.
මිගමුවේ අරගලය තිබුන වෙලාවේ මාර්ෂල් දුන්න නිහඬ දායකත්වය කවදාවත් අපට අමතක වෙන්නෙ නැ.
අරගල භුමියේ කෑම මදිවුන දවස් වලට අපි කතා කරල කිව්වම අපට පාන් ටිකක් ගන්න පුලුවන්ද කියල කවදාවත්ම බැහැයි කියල නැ.
කි සැරයක් නම් අපට පාන් නිකන් දිල ඇද්ද ඒ දින 100 කාලය තුල
මාර්ෂල්ල වගේ අය ඉන්නම ඕන කාලෙක තමයි අපට එයා අහිමිවෙන්නේ
අරගලයේ අපිත් එක්ක එකට බැදුන ඒවැඩේට ආදරය කරපු සමිපතයන් දෙන්නෙක්ම අපව දැන් හැර ගිහින්.
එක්කෙනෙක් dr.ප්‍රභාත් අනික් කෙනා මාර්ෂල්.
මේ දෙන්නත් හොඳම යාලුවෝ .මේ දෙන්නා නිතර එකට හිටපු අරගල භුමියේ පොටෝ කිපයක්ම තිබුනා
අරගලය මතකය වෙනුවෙන් අපි ඒපින්තුර පලකරනව
මාර්ෂල් ඔබ අප සැමගේ මතකය තුල සදාකල් ජිවත් වන බව අපට විශ්වාසයි
ඔබට සුබ ගමන් සගය
මිපුර අපි..














