මාරිස් මෝටර් රැලේ සහ නිගම්බු ටුගෙද(ර්) ෆෙස්ටීවල් 2025

0
1429

 

මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය 18 වැනි වරට වාර්ෂිකව සංවිධානය කරන මාරිස් මෝටර් රැලේ හෙවත් MMR-2025 (Marris Motor Rally -2025) සහ ඊට සමගාමීව, ක්‍රියාකාරකම් රැසකින් සමන්විතව පවත්වනු ලබන
” නිගම්බු ටුගෙද(ර්) ෆෙසටීවල් -2025 පිළිබඳව හඳුන්වාදීමේ සහ දැනුවත් කිරීමේ විශේෂ පූර්ව ප්‍රචාරක මාධ්‍ය හමුව පසුගිය 26 වැනි (26/06/2025) ශනි දින සවස පවත්වනු ලැබීය.
මීගමුව, ඒත්තුකාල ” ගෝල්ඩි සෑන්ඩ් ” හෝටලයේදී පවත්වනු ලැබු මෙම පූර්ව ප්‍රචාරක මාධ්‍ය හමුව සඳහා , මාරිස්ටෙල්ලා විද්‍යාලයේ විදුහල්පති ගරු සුනන්ද අල්විස් සහෝදරතුමා මාරිස්ටෙල්ලා ශාඛා විද්‍යාලයේ විදුහල්පති ගරු මර්වින් පෙරේරා සහෝදරුතුමා , එලෙසම මීගමුව ආසනය භාර , ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා සහ මීගමුව නියෝජ්‍ය නගරාධිපති , චාමර ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් ආරාධිතයින් ලෙස ද සහභාගී වුහ.IMG 20250630 WA00041IMG 20250630 105640IMG 20250630 WA00011

මෙම මාධ්‍ය හමුව අමතමින් අදහස් දැක්වු මාරිස්ටෙල්ලා විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමයේ සභාපති ධම්මික පුනාන්දු මහතා ප්‍රකාශ කළේ විනෝදාස්වාදයට පමණක් සීමා නොවී පෙර කාලයේ මීගමුව පුරවරයට විශේෂිතව, හිමි ව තිබූ විදෙස් සංචාරක ආකර්ෂනය නැවතත් මීගමු පුරවරය තුළ ස්ථාපිත කරමින් මීගමු ආර්ථිකය සහ එහි ජන ජීවිතය සාර්ථක හා නව සංවර්ධිත දිශානතියකට යොමු කිරීමේ අරමුණ පෙරදැරිව මේ වසරේ පවත්වනු ලබන මාරිස් මෝටර් රැලේ වැඩසටහනට සමගාමීව
” නිගම්බු ටුගෙද(ර්) ෆෙස්ටීවල් -2025 වැඩසටහනද සංවිධානය කළ බවයි. එලෙසම ප්‍රථම වතාවට ” ඔබත්, මමත් ,වෙරළත් ” ( YOU , ME , & THE BEACH ) යන තේමාව මුල් කරගනිමින් මාසයකට ආසන්න කාලයක් පුරාවට ක්‍රියාවට නැංවෙන ව්‍යාපෘති කිහිපයක් මෙම වැඩසටහනට ඇතුළත් වන බව ඔහු පැවසීය. ඒ අනුව මීගමුව තුල සංචාරක, පාරිසරික ක්‍රීඩාශීලත්වය සහ ආර්ථිකමය වටිනාකමක් සහිත වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාවට නැන්වෙන බවත් මෙම කර්තව්‍ය මෙතැනින් නොනවතින අතර මෙය තවත් මෙවැනි නව වැඩසටහන් හා ව්‍යාපෘතීන් රැසක ආරම්භක පියවරක් බවට පත් වනු ඇති බවද ධම්මික ප්‍රනාන්දු මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩි දුරටත් සඳහන් කළේය.IMG 20250630 WA00021IMG 20250630 WA00031IMG 20250630 WA0025 1

ඒ අනුව එළඹෙන ජූලි මස 04 සහ 05 යන දින වල මීගමුව, නගරයේ හැමිල්ටන් ඇලත්, කලපුවත් සම්බන්ධ වන ජැටිය ආශ්‍රිත ඇල හා කලපු ප්‍රදේශය සුද්ද පවිත්‍ර කිරීමේ ව්‍යාපෘතියක් ද පැවැත්වේ. ඊට සමගාමීව දැනට මීගමු බන්ධනාගාරය ස්ථාපිත කර තිබෙන ඓතිහාසික ලන්දේසි කොටුව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයත් එලෙසම ඒ ආසන්නයේ පිහිටා ඇති දැනට වල් බිහි වී ,අපවිත්‍ර වී ඇති, පැරණි උසාවි භූමිය පවිත්‍ර කිරීමේ වැඩසටහනක්ද පැවැත් වේ.
එලෙසම ජූලි මස 12 වැනි දින මීගමුව,ඒත්තුකාල පිහිටි වෙරළ උද්‍යාන වෙරළ තීරයේ සිට පෝරුතොට දෙසටත්, මීගමුව දෙසටත්, වු වෙරළ තීරය සහ ආශ්‍රිත ප්‍රදේශ පවිත්‍ර කිරීමේ වැඩසටහන පැවැත්වීමට නියමිතව ඇත. එමෙන්ම එදින සහ ජුලි මස 19 යන දින දෙකෙහිදීම වඩාත් වගකීමෙන් යුතුව ප්ලාස්ටික් බැහැර කිරීම පිළිබඳව මීගමුවේ සහ ඊට තදාසන්නව වෙසෙන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වේ.IMG 20250630 WA00051

ඉන්පසු මස ජුලි 25 වැනි දිනය මෙම වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂී දිනයක් ලෙස සඳහන් කළ හැකිය. එදින මීගමුව සංචාරක හෝටල් කලාපයයේ බොහෝමයක් සංචාරක හෝටල් සහ අවන්හල් තුළ සංගීතමය සහ නර්තනාංග ඇතුළත් කලා අංග ගණනාවකින් සමන්විත වන සෞන්දර්යාත්මක වැඩසටහන් රාශියක් පැවැත්වේ. එලෙසම එම වැඩසටහන් වලට සහභාගි වීමට පැමිණෙන දෙස් විදෙස් අමුත්තන් සහ සංචාරකයන් සඳහා විවිධ වු ආහාර පාන වර්ග විශේෂිත වෙළඳ වට්ටම් සහ වෙළෙඳ දීමනා යටතේ එදින රාත්‍රියේ සිට රැය පහන් වන තුරුම ලබාදීමට මීගමුවේ සංචාරක කලාපය තුළ පිහිටි හෝටල් සහ ආපනශාලා බොහොමයක් මේ වන විටත් සැදි පැහැදී සිටී.

පසු දින එනම් ජූලි මස 26 වැනි දින පෙරවරුවේ මීගමුවේ නගරය කේන්ද්‍ර කර ගනිමින් “මාරිස් මෝටර් රැලේ 2025″ ( MMR-2025) ඇරඹෙන අතර විනෝදය සහ ත්‍රාසය සපිරි මෙම තරගාවලිය සඳහා 200 ක පමන තරගකරුවන් පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත. කිලෝමීටර 60 ක පමණ දුරකින් සමන්විත වන මෙම මෝටර් රථ තරගාවලියේදී වේගය පවතවා⁣ගනයාම සහ අතරමග හමුවන විවිධ වූ අභියෝගයන් ජය ගැනීමට ද තරඟකරුවන්ට සිදුවනු ඇත. එම තරගාවලියෙන් පසු එදින රාත්‍රියේ මෙම වැඩසටහන් මාලාවේ ප්‍රධානතම උත්සවය (Sunset jam & Midnight jam) මීගමුව, ඒත්තුකාල ” ගෝල්ඩි සෑන්ඩ් ” හෝටලයේදී නැටුම් ගැයුම් වැයුම් ඇතුළු විවිධ කලා අංග රාශියකින් සමන්විත සුපිරි සංගීත රාත්‍රියක් ලෙස පැවැත්වීමට මේ වන විටත් කටයුතු සංවිධානය කර තිබේ. තවද එම රාත්‍රියේ මාරිස් මෝටර් රැලේ තරගාවලියේ ජයග්‍රහයකින් අරගයීමද සිදු කෙරේ.

ඉන් පසු දින එනම් මෙම වැඩසටහන් මාලාවේ අවසාන දිනය වන ජූලි මස 27 වැනි දින සවස අවසන් අංගය ලෙස මීගමුව, ඒත්තුකාල “සී හෝ(ර්)ස් පැලස්” හෝටලයේ පැවැත්වෙන ප්‍රියසම්භාෂන උත්සවයෙන් පසුව මෙම වැඩසටහන් මාලාවේ අවසානය සනිටුහන් වේ. ඒ අනුව ජූලි මස 04 වෙනිදා සිට ජූලි මස 27 වෙනිදා දක්වා වූ මසකට ආසන්න කාලයක් තුළ මෙම යෝජිත වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වන අතර මෙය මීගමුව පුරවරයේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික වටිනාකම් වර්ධනය කරන වැඩසටහන් මාලාවක් ලෙස ද හැඳින්විය හැකි බව මෙහි සංවිධායකයින්ගේ අදහසයි. මෙහි සංවිධායකයන් වැඩිදුරටත් පවසන්නේ ,මේ සඳහා මීගමුව තුළ ක්‍රියාත්මක රාජ්‍ය ආයතන වන මීගමුව මහා නගර සභාව, පොලිසිය, බන්ධනාගාරය, සංචාරක අධිකාරිය, සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ආදී රජයේ ආයතන රැසක් ද එමෙන්ම ස්වේච්ඡා සංවිධාන, මීගමුව අවට විවිධ පාසල් වල ක්‍රියාත්මක වත ආදි ශිෂ්‍ය සංගම් ආදී සියලු ජන සංවිධානවල සහ ආයතන වල සාමාජික සමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන් මාලාව පැවැත්වෙනු ඇති බවයි.
මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා මාරිස්ටෙල්ලා විද්‍යාලීය ආදි සිසු සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතාට අමතරව එහි , උප සභාපති සුදත් ප්‍රනාන්දු , සාමාන්‍යාධිකාරී ප්‍රීමාල් විතාන එලෙසම මෙම ව්‍යාපෘතියේ සභාපති ලෙස කටයුතු කරන මංජුල මහදනආරච්චි සහ ව්‍යාපෘති ප්‍රවර්ධක ලෙස කටයුතු කරන එරන්ද වෙත්තසිංහ යන මහත්වරුන් ද අදහස් දැක්වුහ. තවද මෙම මාධ්‍ය හමුව සඳහා ආරාධිත අමුත්තකු ලෙස සහභාගී වු මීගමුව ආසනය භාර ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාද අදහස් පල කළේය.

මෙම මාධ්‍ය හමුව අවසානයේදී මාරිස් මෝටර් රැලේ හෙවත් MMR-2025 සහ
” නිගම්බු ටුගෙද(ර්) ෆෙසටීවල් -2025 වැඩසටහන් මාලාව සඳහා ප්‍රධාන වශයෙන් අනුග්‍රහකත්වය සපයන ” හෝම් ලෑන්ඩ්” ආයතනය නියෝජනය කරමින් එහි අලෙවි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මන්සූර් රිෂාඩ් මහතා විසින් එම චෙක්පත ,මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය වෙත සංකේතාත්මකව පිරිනැමීමද මෙහිදී සිදු විය..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here