මාලිමා සභිකයන් සමඟින් වැඩ භාරගත් නගරාධිපතිට විරෝධයක්.

0
791

 

මහනගර සභාව යනු ජනතාවගේ පොදු දේපලක් මිස මාලිමාවේ පුද්ගලික භුදලයක් නොවන බවත් නගරාධිපති යනු මිගමුවේ පක්ෂ,විපක්ෂ සියලු ජනතාගේ නගරාධිපති බවත් ,මහජන ඡන්දයෙන් තේරි පත්වු විපක්ෂයේ සභිකයන්ට නගරාධිපතිවරයා වැඩභාරගැනිමේ අවස්තාවට ආරාධනා නොකිරිම තුලින් නගරාධිපතිවරයා මෙන්ම නිලධාරින්ද එක පක්ෂයට පක්ෂපාතිත්වයක් දක්වා ඇතැයි බරපතල චෝදනාවක් මේ වන ව්ට එල්ලවි තිබෙි.

මෙම සිදුවිම ප්‍රජාතන්ත්‍ර විරෝධි බව අපකල විමසුමකදි කියා සිටියේ                      බැට් එක ලකුණින් ස්වාධින කණ්ඩායමකින් තේරිපත් පත්වු හිටපු උප නගරාධිපතිවරයෙකු වන එම් .සාකවුල්ලාය.

මේ අකාරයෙන් කටයුතු කිරිමට නගරාධිපතිවරයාට හෝ අදාල නිලධාරීන්ට කිසිසේත්ම නොහැකි යැයිද ඔහු අවධාරණය කර සිටියේය.

මේ සම්බන්ධයෙන් අදාල රාජ්‍ය නිලධාරීන්ට ඉදිරියේදි උත්තර බැදිමට සිදුවන බවද මතක් කර දෙන්න⁣ට කැමති යැයිද ඔහු කියා සිටියේය.

එක පක්ෂයක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පමණක් පොදු මහජන පරිශ්‍රයක පහසුකම් සලසා දිම තුලින් කොමසාරිස්වරයද වැරදි පූර්වාදර්ශයක් සපයා තිබේ.

පැවැති ප්‍රජාත්ත්‍ර විරෝධි පාලනයකට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිමට පැමිණි මාලිමාවද ආරම්භයේදිම තමන්ද පැරණි මාවතට ප්‍රවේශවි සිටිම  අරුමයක් බවද එම්.සකාවුල්ලා කියා සිටිායේය.

මේ හැසිරිම මගින් කියා සිටින්නේ නොදන්නා කමකද එසෙත් නැතිනම් නොහැකියාවද යන කරුණු දැන් යථාර්ථයක් ලෙසින් මතුව තිබේ.

විශේෂයෙන්ම මිගමුවේ මාලිමාව කඳවුරට එරෙහිව මේ අභියෝග මුල සි⁣ටම තිබුණි.

අවසාන වශයෙන් එම්.සකාවුල්ලා කියා සිටියේ වැඩ භාරගැනිමේ අවස්ථාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරිම නිල වගකීම බවත් ,ඒ අවස්තාවට යන එක හෝ නොයන එක ගැන තිරණය කිරිමේ නිදහස විපක්ෂ මන්ත්‍රීවරුන් සතුබවත්ය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here