අරුණ කියන්නේ මිගමුවේ ඉන්න හොඳම බිලිබාන්නෙක්.එයාගේ පුතත් තාත්තව පරයා යන්න තරම් දැන් අත්දැකිම් වලින් පිමි පනිමින් ඉස්සරහට එනව.
පහත මේ සටහන ඒ පුතා ගැන තාත්තා ඇමුණු වදන් වැලයි.
මගේ අත්දැකීම් අනුව මාළු අල්ලනවා කියන්නේ, හිතේ ප්‍රශ්න සම්පුර්ණයෙන්ම අමතක කරන්න පුළුවන් හොඳ භාවනාවක්.☺️
හැබැයි ඇබ්බැහිවීම අයිස් ගැහුවා වගේ තමයි ඉතින් 😆😆😆
ඒ වගේම කුඩා කළ සිටම මාළු ඇල්ලීමට පෙළඹෙන දරුවන්, නරක ඇබ්බැහිවීම් වලින් සතුට සොයා යාමට දරණ උත්සාහයද ඉතාම අවම වේ.
මේ මගේ පුත්‍ර රත්නය මා එක්ක මොරවලේ අල්ලපු මාළු සෙට් එක. එන විධියට මගේ records කඩයි වගේ 😄
(අරුණ රොෂාන්තගේ ෆේස්බුක් පිටුවෙනි)












