ඉයත්තුව අප්සට් හින්ද අදත් මාළු නෑ.හුළං මාළු ටිකක් නම් ඇවිත් තියෙනව.
උදේම කෝල් එකක් අරන් මිගමුව පිටිපන ලෙල්ලමේ රුවීගෙන් අහපුවාම එහෙම තමයි උත්තර දුන්නේ.
හුලං මාළු කියල එයාල කියන්නේ හුළං වැඩි හින්ද ගල් යට හැංගිලා ඉන්න මාළුන් ට ඉන්න ටිකක් අමාරු වෙන හින්ද උන් ගල් අස්සෙන් එලියට ඇවිත් ගල් ලග තියෙන මඩේ හැංගෙනව.
වෙනද ගලට එලට දැල මඩට එලල තමයි මෙයාලව අල්ලගන්නේ.
.
අන්න එහෙම අහුවුන ගල් මාළු ටිකක් අද ලෙල්ලමට ඇවිත් තිබුනා.හැබැයි ඒවත් මිළයි.
මිමැටි, 800යි.ඕරාවෝ රු 700යි.
ලොකුම උන් නෙමෙයි කිලෝ එකට හතර පස්දෙනා වැටෙන උන්.
අද සාලයෝ රු 680ක්.බඩපත පැලුන ලින්නොත් රු 800 පැනල යනව.
වාරකන් කාලේ කොහොමත් පොඩි මාළු වර්ග හිඟ වෙනව කියල තමයි ධිවරයෝ නම් කියන්නේ.
ලොකු මාළු ඇත්තෙම නෑ වගේ.