මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද ඇටවල්ලා මසුන් තොග යහමින් පැමිණ ඇතැයි වාර්තා වේ.
මේ නිසාම මිළද සැලකිය යුතු ලෙසින් පහල ගොස් තිබේ.
ඇටවල්ලි කිලෝවක් රු 600කට අද අලෙවි වන අතර මෑත කාලයේ ඇටවල්ලා කිලෝවක් මේ තරම් අඩුමිළකට අලෙවි වන පළවෙනි දිනය අද බව ලෙල්ලමේ ව්‍යාපාරිකයෝ ප්‍රකාශ කර සිටිති.
,
ලින්නා කිලෝවක්ද අද දිනයේද අලෙවි වන්නේ රු 600 ත් 650ත්අතර මිළකටය.
අලගුඩුවා රු 600කටද
ලේන පරව් කිලෝවක් රු 500කටද සුරාපරව් රු350කටද අද දිනයේ අලෙවි වේ.
සාලයා මසුන් අද බහුල ලෙස දක්නට නොලැබිම විශේෂත්වයකි.












