මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද ලින්නා මසුන් තොග යහමින් පැමිණ ඇතැයි වාර්තා වේ.
මේ නිසාම මිළද සැලකිය යුතු ලෙසින් පහල ගොස් තිබේ.
සාලයා කිලෝවක් රු 300කටද ,
ලින්නා කිලෝවක් රු 600 ත් 650ත්අතර මිළක පවති.
අලගුඩුවා රු 600යි.
බලපැටව් රු 600යි.
ලේන පරව් කිලෝවක් රු 550යි.
පසුගිය දිනවල සාලයා කිලෝවක් රු 500 ක පමණ මිළකට අලෙවි විය.












