මඩුවා ලංකාවේ මුහුද වටේම යනවලු.රෑන් පිටින් වේගෙන් පීනනවලු.
එහෙම යන මඩු රෑනක් මේ දවස් දෙක තුනේ මිගමුවේ ධීවරයන්ගේ දැල් වලට කොටුවෙලා.
අද අල්ලපු මඩුවෝ කිලෝ ගාණක්ම ලෙල්ලමට ආවා

ඊයෙත්,අදත් අහුවෙලා තිබුන. එක මඩුවෙක් ගේ කිලෝ අටක් දහයක් තිබුන කියල තමයි කියවුනේ.
මඩුවෝ වර්ග ගොඩක් ඉන්නව.අද වැඩිපුර අහුවෙලා තිබුනේ වල්වාඩි කියන මඩු වර්ගය
කොහොම වුනත් අද ලෙල්ලමට ආවොත් අලුත්ම මඩුවෝ ගන්න පුලුවන් වෙයි.මිළත් අඩුයි.ලේ පෙරෙන මඩු මාළු කිලෝවක් රික්තක 500යි.












