මිගමුවේදි දුම්රියක් පිලිපැනිමෙන් වාහන ගමනාගමනයට සිදුවු බාධා ඉවත් කෙරේ.

0
2054

 

 

මීගමුව: හලාවත සිට කොළඹ බලා ධාවනය වූ මගී දුම්රියක් අද (11) පෙ.ව. 7:30 ට පමණ මීගමුව ලුණු වැඩ හන්දියේදී පීලි පැන තිබුණි.

​මේ  හේතුවෙන් මීගමුව සිට පුත්තලම මාර්ගයේ දුම්රිය සේවා ප්‍රමාද විය.IMG 20251011 WA00291 IMG 20251011 WA00341 IMG 20251011 WA00391

මීගමුවේ කොපර හන්දියේ සිට මීගමුව නගරය දක්වා ප්‍රධාන මාර්ගය ද සම්පූර්ණයෙන්ම වසා දමා තිබුණි.

පැය කිහිපයක් රථවාහන ගමනාගමනයට දැඩි ලෙස බලපෑම් එල්ල විය.

කාර්මික ශිල්පීන් සහ සේවකයින් දුම්රිය මාර්ගය අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදු කරමින් සිටින අතර .
පැය කිහිපයකට පසු ප්‍රධාන මාර්ගය හරහා නතර කර තිබූ දුම්රියේ කොටසක් ආපසු ගෙන යන ලද අතර ප්‍රධාන මාර්ගය දැන් ගමනාගමනය සඳහා විවෘත කර ඇත.IMG 20251011 WA0041 IMG 20251011 WA0044 IMG 20251011 WA0043

එහෙත් දුම්රිය මාර්ගය එහි පෙර තත්ත්වයට පත් කිරීමට ප්‍රමාද වන පැහැදිලි වෙමින් තිබේ.

​​රහුමාන්

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here