මිගමුවේදි මාලිමාවත් පසුබෑමකට ලක්වෙලාද ?

0
359

මේ දිනවල මිගමුවේ ජාතික ජනබලවේගය සමාජ මාධ්‍ය පොස්ට්  හරහා සමාජ ගත කරන්නට උත්සාහ ගනිමින් සිටින්නේ මිගමුවේදි ලැබුවා යැයි කියන අති විශිෂ්ට ජයග්‍රහණය ගැනය.

කොට්ඨාස 29න් 27 ක් ගැනිම සැබැවින්ම විශේෂ ජයග්‍රහණයකි.ඒය ඉතා පැහැදිලිය.

එහෙත් මේ සියලු සුබවාදි සිතුවිලි වලට යටින් ඇති කටුක යථාර්ථයක්ද වේ.එය මඟහැර යාම ඇගට ගුණනැත.

පාර්ලිමේන්තු මැතිවරණයේදි 52237  වු ඡන්ද ගණන,පළාත් පාලන මැතිවරණයේදි 34949  දක්වා අඩුවි ති⁣බේ.

මාස 6ක් ඇතුලත  මිගමුවේ මාලිමා ඡන්ද ගණන 17288 කින් අඩුවුයේ ඇයිද යන කරුණ ගැන සෑබෑ පසුවිපරමක් කිරිමත් ,විශිෂ්ට ජයග්‍රහණය ගැන උදම් අනන තරම්ම වැදගත් එකකි.සැබැවින්ම හෙට දවස වෙනුවෙන් කරනු ලබන දේශපාලන ආයෝජනයකි.

මාලිමාවට හෑබෑවට ආදරය කරන සැම මේ කරුණ ගැනද අවධානය යොමුකළයුතුව තිබේ

මේ සම්බන්ධයෙන් මාලිමාවට ආදරය කරන සහ ඔවුන්ට හැකි පමණින් විවිධාකාරයෙන් දායකත්වය ලබාදුන්  ඇතමුන් කියා සිටින්නේ  පොලවට සම්බන්ධයක් නැති මිගමුවේ හතර මායිම් හොද හැටි නොහදුනන පැරෂුට් නායකයන් කිපදෙනෙකුගේ හැසිරිම් මේ පසුබෑමට බරපතල ලෙස බලපා තිබුණ බවය.

මේ අතර මිගමුවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කිප දෙනෙකුද කියා සිටියේ ප්‍රතිපත්ති වලට වඩා ගණුදෙණු ලොකුකරගත් අයෙකුව කණ්ඩායම් නායකයා බවට පත්කිරිමම මිගමුව තුල ලංසා පවුල් පාලනයට එරෙහිව උපරිම ජයක් ගැනිමට තිබුන ඉඩ එක්තරා ප්‍රමාණයකට ගිහිලි යන්නට තුඩු දුන් බවය.

මිගමුවේ ජවිපෙ නායකයාගේ උද්දච්චකම සහ ඇතැම් කුමන්ත්‍රණද මාලිමාව තුල තිබුන එකමුතු බව සහ ශක්තිය අඩුකිරිමට බලපා ඇත යන්න තවත් චෝදනාවකි.

පෝරුතොට දි මාලිමාව පරාජය වි සජබ ජයගැනිමට තුඩු දුන් හේතුව වි තිබුනේද මාලිමාවෙන් ඉල්ලන්ට සැලසුම් කර තිබුන කෙනාව කපා දමා වෙනත් අයෙකු යොදා තිබිම විය හැකි බවද අතැම් මාලිමා ක්‍රියාකාරින්ගේ අදහසයි.

සුගත් තිලකරත්නට දේශපාලනය ගැන මෙන්ම මිගමුව ගැනද පවතින අවබෝධය වැඩිකර ගැනිමට තවත් කාලයක් ගත වනු ඇත.

එපමණක් නොව මෙවර මාලිමාව විසින් මිගමුවේ ආසන වලට පත්කර තිබුන අයගේ ආධුනික බව හා සමාජශිලි බව අඩු අය විම මෙන්ම මිගමුවේ අරගලවලට හා සමාජ යුක්තිය වැනි කරුණු වලට මැදිහත් නොවුවන් බහුතරයකින් සමන්විතවිමද පසුබෑමට ලක්වු තවත් කරුණක් විය හැකි බවය.

මාලිමා අපේක්ෂක ලයිස්තුව දෙස බලන කල සමාජ අරගල හා නිරන්තරව බද්ද ව සිටි අයෙකු මෙන්ම නගර සභා ක්‍රියාකාරිත්වය ගැන දන්නා අයෙකුට සිටින්නේ සංගීත් ප්‍රනාන්දු පමණි.බොහෝ තැන්වලදි පක්ෂය නිසා කොට්ඨාසය ගොඩගිය පසුබිමක සංගිත්ගේ මැදිහත්විම තිබුනේ වඩාත් සාධනීය තැනකය.

මිගමුව අලුතින් ගොඩනැගිමේදි මෙන්ම දුෂිතයන්ට එරෙහිව කටයුතු කිරිමේදි සංගිත්ලා , සහ හෙන්රිලාගේ දායකත්වය සුවිශේෂී වේ.FB IMG 1746597014402

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here