අයිස් ක්‍රීම්, කිව්වහම ඉතින් වයස් භේදයකින් තොරව ඒ කියන්නේ බාල මහළු කොයි කවුරුත් ඉතා ආසාවෙන් රස විඳින අතුරු පසක්.
ඈත අතීතයේ සිටම විවිධ ශිෂ්ටාචාරයන් හිම සහ අයිස් සමඟ පළතුරු සහ පැණි රස මිශ්‍ර කරමින් අතුරුපසක් ලෙස රසවිඳ ඇති බවටත් සාක්ෂි තිබෙනවා. අද වන විට, වැනිලා, චොකලට් වැනි පොදු රසයන්ගේ සිට අලුත්ම සහ විදේශීය රසයන් දක්වා දහස් ගණනක් අයිස්ක්‍රීම් ප්‍රභේද ලොව පුරා පවතිනවා.ඒ අනුව අයිස්ක්‍රීම් යනු හුදෙක්ම අතුරුපසක් පමණක් ලෙස නොව, සතුට, සැමරුම සහ මිහිරි මතකයන් සමඟ බැඳුණු සංස්කෘතික සංකේතයක් බවටද පත්ව තිබෙනවා.
ඉතින් ඔන්න ඔය විදියට අයිස්ක්‍රීන් ගැන කතා කරද්දි අපි වෙසෙන මීගමුව පුරවරයේ අයිස් ක්‍රීම් පිළිබඳ වූ ඉතිහාසය 1952 වසර තරම් දිගු ඈතකට දිවයනවා.
ඒ කියන්නේ 1952 වසරේ තමයි මීගමුවේදී ප්‍රථම වතාවට අයිස් ක්‍රීම් නිෂ්පාදනය කරන්නේ. එලෙස ප්‍රථම වතාවට මීගමුවේම නිෂ්පාදනය කරපු අයිස්ක්‍රීම් මිගමුවට හඳුන්වා දුන්නේ “මොහොමඩ් අමීර් නජීමා” මහතායි. ඒ “නජිමා” අයිස්ක්‍රීම් නමින්.
අයිස් ක්‍රීම් කියලා කිව්වට ඇත්තටම ඒකට අපි කියන්නේ අයිස් පලම් කියලයි. මීගමුවේ බොහෝ දෙනෙකුට තාමත් මතක ඇති දැව දණ්ඩක් එහෙම නැත්තම් ලී කෝටටුවක් මැද්දට කරලා හදපු රසවත් අයිස් පලම් ගැන.
ඉතින් මේ අයිස් පලමි අන්නාසි වගේ පලතුරු වලින් තමයි වැඩිපුරම හැදුනේ. ඉතින් ඒ අයිස් පරම්පස්සේ අතින් ගෙන යන්න පුළුවන් තහඩු පෙට්ටිවල අසුරලා අර දැන් බොම්බේමොටයි අරන් යනවා වගේ අතේ තියාගෙන අරන් ගිහින් තමයි අලෙවි කෙරුවේ.විශේෂයෙන්ම පාසල් ඇරෙන වේලාවට .ඒ වගේම, පල්ලියේ මංගල්‍යවල, ක්‍රීඩා තරඟ හා වෙනත් උත්සව කටයුතු පැවැත්වෙන ස්ථානවලදී මේ අයිස් පලම් වැඩි වශයෙන්ම අලෙවි වුණා.
ඉතින් නජිමා අයිස් ක්‍රීම් තමයි මීගමුවේ නිෂ්පාදනය වුණු පළමුවෙන්ම අයිස්ක්‍රීම් වර්ගය. ඒ වෙද්දි කොළඹ වගේ ප්‍රදේශවල නිෂ්පාදනය කරපු තවත් අයිස්ක්‍රීම් බරක ගණනාවක් තිබුණා.ඇපලෝ, ඇලරික්ස්, වුඩ්ලන්ස්, චන්ද්‍රාස් සහ සිසිර කියන අයිස් ක්‍රීම් ඒ කාලේ තවත් ප්‍රසිද්ධ අයිස්ක්‍රීම් වර්ග බවට පත්වුණා. හැබැයි මේ මොන අයිස්ක්‍රීම් ජාතියේ තිබුණත්. මීගමුවේ ව්‍යාපාරිකයෙක්, මීගමුවේම නිෂ්පාදනය කරපු ,මීගමුවේ අයිස් ක්‍රීම් සන්නාමය බවට පත්වුණේ නජිමා අයිස් ක්‍රීම් පමණයි. ඒක තමයි ඇත්ත කතාව. නජිමා අයිස්ක්‍රීම් පටන් ගත්තු මොහොමඩ් අමීර් නජීමා මහතා ඉස්සෙල්ලාම මේ අයිස්ක්‍රීම් හැදුවේ දළුපත පැත්තේ පොඩි තැනක, මේවා ඉතින් අද කාලේ වගේ යන්ත්‍ර සූත්‍ර වලින් හදන්න තාක්ෂණික පහසුකම් ඒ කාලේ තිබුණේ නැහැ. මේ අයිස් ක්‍රීම් නිෂ්පාදන කටයුතු කෙරුනේ අතින්. ඒ කියන්නේ හෑන්ඩ් මේඩ්. ඊට පස්සේ නජිමා අයිස් ක්‍රීම් නිෂ්පාදනය කරන තැන දළුපතින් මීගමුවේ ඩීන් හන්දියට මාරු වෙනවා. පස්සේ ඔහොම යනකොට ඔය තැනත් මාරු වෙලා පෙරියමුල්ලේ, රේල් ගේට්ටුවට ආසන්න තැනකට අරගෙන එනවා. ඒත් එක්කම තහඩු පෙට්ටි අතින් අරන් ගිහින් අලවි කරපු නජිමා අයිස් ක්‍රීම් එහෙම නැත්නම් අයිස් පලම් රෝද තුනේ අතින් තල්ලු කරගෙන යන ට්‍රොලී පෙට්ටි වාගේ පෙට්ටි වලට සහ පා පැදිවල සවි කරන පෙට්ටි වලට මාරු වෙනවා.
එහෙම කාලය ගත වෙද්දි මීගමුවේ නජීමා අයිස්ක්‍රීම් විවිධාකාරයේ රසවල් ගණනාවකින් වෙළඳපොළට පැමිණෙනවා.
ඒත් එක්කම නජීමා අයිස්ක්‍රීම් කියන නාමය මීගමුව පමණක් නෙවෙයි ලංකාවේ හැම පැත්තකම වගේම ප්‍රසිද්ධියට පත්වෙනවා. කොහොම කොහොම හරි වසර කිහිපයක් ගත වෙද්දී නජිමා අයිස් ක්‍රීම් මීගමුවේ එකම අයිස්ක්‍රීම් සන්නාමය බවට පත් වුනා.
අනිත් එක තමයි විශේෂම දේයක් සඳහන් කරන්න ඕනේ, නජීමා අයිස්ක්‍රීම් පටන් ගන්න කාලේ ඒ කියන්නේ වර්ෂ1952 නජිමා අයිස් පලමක මිල වුණේ ශතයයි. අද කාලේ නම් අයිස් පලමක් සාමාන්‍ය රුපියල් 150 කටත් එහා යන මිලකටත් අලවි කෙරෙනවා.
මේ විදිහට පටන් ගන්න නජිමා අයිස්ක්‍රීම් කාලයක් යද්දී මීගමුවේ සෑහෙන දියුණු ව්‍යාපාරයක් බවට පත්වෙනවා. ඉන් පස්සේ මේවා අයිස්ක්‍රීම් වෑන් එහෙම නැත්නම් ලොරි වලන් රැගෙන ගිහින් අලෙවි කරන තත්ත්වයකට පත්වෙනවා. ඒ විදිහට නජිමා අයිස්ක්‍රීම් ජංගම රථ 16 ක් පමණ මීගමු සහ අවට ජංගම විදිහට ගිහිල්ලා සිය අලෙවි කටයුතු සිදු කරනවා. පාසල්, දේවස්ථාන මංගල්‍යය, ක්‍රීඩා උත්සව, සැණකෙළි, සංගීත සංදර්ශන, වෙනත් රාජ්‍ය උත්සව ආදී අවස්ථාවල ජනතාවගේ විඩාව, පිපාසය, විඩෙන් විඩ ඇතිවන පොඩි පොඩි කුසගිනි අවස්ථාවන් සන්තර්පනය කරන්නත් ඒ විතරක් උන් නෙමෙයි. කුඩා දරුවන්ම සනසවන්න, ඒවගේම ජයග්‍රහණ, සතුට සමරන්න බොහෝ අය නජිමා අයිස්ක්‍රීම් සොයා එන්න පටන් ගන්නවා. මේක තමයි මීගමු පුරවරයේ අයිස්ක්‍රීම් වංශකථාවේ මුල් පරිච්ඡේදය.
ඉතින් ඔහොම කාලය ගතවෙද්දී මීගමුවේ පළමුවරට අයිස් ක්‍රීම් නිෂ්පාදනය ආරම්භ කරපු, එවගේම මීගමුවට පළමු වරට මීගමුවේම නිෂ්පාදනය කරපු අයිස්ක්‍රීම් හඳුන්වා දීපු මොහොමඩ් අමීර් නජීමා නැමැති මේ සුවිශේෂී ව්‍යාපාරිකයා මෙලොව හැර යනවා.

ඉන් පසුව මේ ව්‍යාපාරය පැවරෙන්නේ ඔහුගේ දරුවන් නව දෙනකුගෙන් යුත් පවුලේ පළමු දරුවාටයි…… අපි කියන්නේ මොහොමඩ් අමීර් නජීමා” මහතාගේ වැඩිමල් දරුවා වන මොහොමඩ් නසාර් මහතාට.යි.
ඒ අනුව 2000 වසරේ සිට මොහොමඩ් නසාර්(නිසාම්) මහතා ද සිය පියා ආරම්භ කරපු මේ නජිමා අයිස්ක්‍රීම් ව්‍යාපාරය තවත් සෑහෙන දියුණු මට්ටමකට ගෙන එනවා. මීගමුව පමණක්ම නෙවෙයි මීගමුවෙන් ඈත පිට ප්‍රදේශවලටද නජිමා අයිස් ක්‍රීම් ජනප්‍රියත්වයට පත් කරන්න ඔහු සෑහෙන කැපවීමෙන් කටයුතු කලා. එහි ප්‍රතිඵලයක් හැටියට, වුඩ්ලන්ස්, ඇලරික්ස් එලිෆන්ට් හවුස් වැනි අයිස්ක්‍රීම් සමග කරට කර තරඟයක නිරත ව එලෙස කාලයක් යද්දී එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් වැනි මහා පරිමාණ අයිස් ක්‍රීම් නිෂ්පාදකයන් තරමටම මීගමුවේ නජිමා අයිස්ක්‍රීම් නාමයද ජනප්‍රියත්වයට සහ ජනාදරයට පත්වුණා.

ඒ අතරම නජිමා අයිස් ක්‍රීම් ලංකාවේ ප්‍රණීතම අයිස්ක්‍රීම් වර්ගය බවට ද පත්වුණා.මෙහෙම කාලයක් යද්දි නජිමා අයිස් ක්‍රීම් මුදලාලිගේ පුතා ඒ කියන්නේ මේ මොහොමඩ් නසාර් මහතා නජිමා අයිස්ක්‍රීම් නිෂ්පාදනය පසෙක තබා එම කාලයේදී ලංකාවේ වැඩි වශයෙන්ම ජනාදරයටත් ජනප්‍රියත්වයටත් පත්වුණු සහ සමාජයේ වැඩි දෙනෙකු අතර වැඩිම ඉල්ලුමක් තිබුණු එලිෆන්ට් හවුස් අයිස් ක්‍රීම් සමාගම සමග එක්ව කටයුතු කිරීමට පෙළඹෙනවා.
ඉන් පසුව මෙම ව්‍යාපාරය ඔහුගේ පුතු වන නොයේ සේනම් නජිමා මුදලාලි මහතාගේ මුණුබුරා වන මොහොමඩ් නසාර් මොහොමඩ් නජාත් හෙවත් කෙටියෙන් හඳුන්වන නජාත්ට මේ ව්‍යාපාරය භාර කරනවා.
එතැන් පටන් ඒ කියන්නේ 2012 වසරේ සිට නජාත් තමයි දැන් මේ අයිස්ක්‍රීම් ව්‍යාපාරය මීගමුව තුළ ඉතාම සරුවට කරගෙන යන්නේ.. ඉතින් නජාත් තමන්ගේ පියා සහ පියාගේ පියා ඒ කියන්නේ නජාත් ගේ සීයා කරගෙන ආපු විදියටත් බොහෝම දියුණු විදිහට සමාජයේ කාලෙන් කාලෙට එන නව ප්‍රවණතා එක්ක ඒ කියන්නේ අලුත් අලුත් ත්‍රෙන්ඩ් වලට හරි යන විදිහට මේ ව්‍යාපාරය කරගෙන යනවා.
එහෙම බැලුවොත් මේක දැන් පරම්පරා තුනක් එක දිගට අඛණ්ඩව මේ ව්‍යාපාරය මීගමුව තුළ වඩාත් සක්‍රිය දියුනු සහ ජනප්‍රියත්වයට පත්වුණු ව්‍යාපාරයක් ලෙස කරගෙන යන්න නජාත්‍ය හැකි වෙලා තියෙනවා. අද වෙද්දි නජාත් මීගමුවේ, එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් සමාගමේ නිත්‍ය වෙළෙඳ නියෝජිතයකු බවට පත්වෙලා තියෙනවා.
ඉතින් නචාත් මේ ව්‍යාපාරය අතට ගත්තු දා ඉඳලා ජංගම අලෙවි රථ යොදා ගෙන ඒ කියන්නේ වෑන් රථ, ලොරි රථ සහ ත්‍රී රෝද රථ යොදාගෙන ඒ ජංගම අයිස්ක්‍රීම් අලවිසල් අද මීගමුව සහ ඊට ආසන්න ප්‍රදේශ සිසාරා එම අලෙවි කටයුතු සාර්ථකව මෙහෙයවනවා. විශේෂයෙන්ම පාසල් දරුවන්ට සෞඛ්‍යාරක්ෂිතව අයිස් ක්‍රීම් රස බලන්න මේ වන විට නජාත් අවස්ථාව ලබා දීලා තියෙනවා ඒ අනුව මීගමුව ශාන්ත මරියා, නිවුස්ටඩ සහ අල්-පලාල් වැනි පාසල් අසල ඔහුගේ ජංගම අයිස්ක්‍රීම් අලෙවිරථ යොදවා තිබෙනවා. ඒ වගේමයි මීගමු සහ මීගමුව අපට පැවැත්වෙන දේවස්ථාන මංගල්‍යවල , සැණකෙළිවල, එළිමහන් සංගීත සංදර්ශනවල, ක්‍රීඩා උත්සවවල වගේ ප්‍රදේශයේ ප්‍රධාන උත්සවවලට ඔහු ලංකාවේ මේ වන විට ප්‍රසිද්ධ සහ හොඳම අයිස් ක්‍රීම් ලෙස පිළිගැනෙන එලිෆන්ට් හවුස් අයිස් ක්‍රීස් අලෙවි කිරීමේ කටයුතු සිදු කරගෙන යනවා
මේ ළඟදි, නජාත් ව අපට හමුවන මොහොතේ නජාත් එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් සම්බන්ධව තවත් අපූරු කතාවක් අපිට කිව්වා . ඒ තමයි මේ එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් වලට ලොව පිළිගත් හලාල් සහතිකය තියෙනවලු. අපි ඒ වෙලාවේ තමයි නජාත්‍ගෙන් ඇහුවේ අයිස්ක්‍රීම් වලට මොකටද හලාල් සහතිකයක් කියලා. එන්න ඒ වෙලාවේ තමයි නජිත් මේ විස්තරය අපිට කිව්වේ. බොහෝ ආයතන අයිස් ක්‍රීම් නිෂ්පාදනය කරද්දි මිල අඩු නිසා සූකර මේදය එහෙම නැත්නම් ඌරු මස් වල තෙල්වල මේදය යොදා ගන්නවාලු. ඉතින් සමහර අයට මේ සූකර මේදය ඒ ශරීර වල් වලට ආසාත්මික වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ අවස්ථාවල ඒ සූකර මේ දේ අඩංගු කරලා තියෙන ආහාර පාන කන බොන අයව විවිධාකාර ලෙඩ රෝග උඹලට ලක් වෙන්න පුළුවන් අවස්ථාවන් තියෙනවා.
ඉතින් ලංකාවේ අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන්නන් අතර එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් නිෂ්පාදකයෝ සෑම විටම අයිස්ක්‍රීම් නිෂ්පාදනයේදී යොදා ගන්නේ එළවළු මේදය ඒ කියන්නේ එළවළු තෙල් වල අඩංගු මේදය (vegetable fat) පමණයිලු.එලවළු මේදය අඩංගු ආහාර පාන වලින් කිසිම ආසාත්මිකතාවක් සහ කිසිම රෝගී තත්ත්වයක් ඇති නොවන බව තමයි නජිත් පවසන්නේ.
එනිසා ඕනෑම කෙනෙකුට, ඒ කියන්නේ බාල මහලු කොයි වයසේ පසුවන වන කෙනෙක් වුනත් එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් කන්න කිසිදු ආකාරයක බියක් සැකක් ඇති කරගන්න අවශ්‍ය නැහැ කියලා තමයි නජිත් වැඩි දුරටත් අපත් සමග ප්‍රකාශ කළේ. එනිසා ඔහු අවසානයේදී කිව්වේ මුස්ලිම් වුනත් සිංහළ ද්‍රවිඩ බර්ගර් වුනත් හලාල් සහතිකය ඇති ආහාර ගැන බිය විය යුතු නැහැ කියලයි. මොකද ඒවා තමයිලු සෞඛ්‍ය ආරක්ෂිත සහතිකය ඇති ආහාරපාන වර්ග.
ඉතින් අද වෙද්දි නජාත් අලුත් වැඩක් පටන් අරන් තියෙන්නේ. ඒ තමයි මීගමුවේ ෆුඩ් සෝන් එක කියලා අපි වර්තමානයේදී හඳුන්වන මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ දී අයිස් ක්‍රීම් ඇතුළු අයිස්ක්‍රීම් යොදා සාදනු ලබන පාන වර්ග අලෙවි කරන අයිස් ක්‍රීම් පාලර් එකක් ආරම්භ කරලා තියෙනවා. දන්නවනේ ඉතින් මේ කාලයේ ආහාර පාන සංස්කෘතිය සෑහෙන වෙනස්කම් රාශියකට ලක් වෙලා තියෙන්නේ. අන්න ඒ වෙනස හරියට හඳුන ගත්තු නජාත් අයිස් ක්‍රීම් නිෂ්පාදන පමණක් ඒ කියන්නේ අයිස්ක්‍රීම් සහ අයිස් ක්‍රීම් යොදා සාදනු ලබන පාන වර්ග ගණනාවක් සහිත වූ ” අයිස් ක්‍රීම් පාලර්, ක්‍රීමී හට්” ඔහුගේ මේ අලුත් අලවිසල මීගමුව පෙරිය මුල්ලේ light signal අසල මේ නොබෝදා ආරම්භ කරලා තියෙනවා.
මෙම නව ව්‍යාපාරය සඳහා එලිෆන්ට් හවුස් (Elephant House) සමාගම නචාත් සමඟ එක්ව කටයුතු කරනවා.
මෙලෙස නොබෝදා ආරම්භ කළ
ක්‍රීමි හට් මඟින් එලිෆන්ට් හවුස් සහ එලිපන්ට් හවුස් සමාගමේ තවත් නිෂ්පාදනයන් වන ඉමෝරිච් (Imorich) ප්‍රිමියම් අයිස්ක්‍රීම් වර්ග අලෙවි කෙරෙනවා. තවද
මීට අමතරව, මිල්ක් ෂේක් (Milkshake) සහ මොජිටෝ (Mojito) ඇතුළු සියලුම අයිස්ක්‍රීම් යෙදූ පාන වර්ග ද අයිස්ක්‍රීම් වලට පමණක් ඇලුම් කරන අයට අයිස් ක්‍රීම් වල තියෙන අලුත් ප්‍රභේද ගණනාවක රස බලන්නත් මේ නව අයිස් ක්‍රීන් පාලර් ක්‍රීම් හට් නැමැති මෙම නවතම අලෙවි සලෙන් ලබාගත හැකිය.

ඉතින් එලිෆන්ට් හවුස් අයිස් ක්‍රීම් නිෂ්පාදන වල ඇති උසස් තත්වය සහ නජිමා අයිස්ක්‍රීම් යන ඓතිහාසික වශයෙන් වැදගත් පාරිභෝගික විශ්වාසයත් එකතු මුසුකළ මේ අලුත් අයිස් ක්‍රීම් පාලන ක්‍රීම් හත් වෙත පැමිණෙන්න කියලා අපි ඔබට විශේෂයෙන්ම ආරාධනය කරනවා.
ආදරණීය දෙමව්පියනි අපි ඔබට ආරාධනා කරනවා ඔබේ ආදරණීය දුවා දරුවන් සමගින් මේ අලුත් අයිස් ක්‍රීම් පාල ක්‍රීම් හට් වලට එකට පැමිණෙන්න කියලා. ඒ වගේමයි නෑදෑ හිතමිතුරුත් එක්කත්, ගර්ල් ප්‍රෙන්ඩ්ස්ලා බෝයි ප්‍රෙන්ඩස්ලා එකත් මේ අලුත් තැනට ඇවිල්ලා සුපුරුදු අයිස්ක්‍රීම් රස වෙනස් විදිහකට අත්දකින්නට එන්න කියලා මේක මේ සහ මීගමුව අවට වෙසෙන අයටත් මීගමුවට පැමිණෙන දහස් සංඛ්‍යාත වූ ඔබ සැමටම නැවත නැවතත් ආරාධනා කරනවා.












