මිගමුවේ නව ආදාහනාගාරය උත්සවාකාරයෙන් විවෘත කෙරේ !

0
1119
කනත්ත 1
කනත්ත 2

මීගමුව මහනගර සභාවේ නව අදාහනාගාරය නගරාධිපති දයාන් ලංසාගේ සංකල්පයක් අනුව ඉදිකොට පසුගිය දා උත්සවශ්‍රියෙන් විවෘත කොට තිබුණි.

Screenshot 20210120 194006

ඒ සදහා පුජ්‍ය පුජක පිරිස්ද නගර සභා කාර්ය මණ්ඩලය , පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්‍රිවරුන් මෙන්ම පසුගිය අයවැය විවාදයේදි පොදු පෙරමුණට සහය පළකල එජාප මන්ත්‍රිලා පිරිසක්ද එක්ව සිටි බව වාර්තා වේ.

කනත්ත 4
කනත්ත 3


මිට සති තුනකට පමණ ඉහතදි මැදපෙරදිග සිට මෙරටට ගෙනවිත් තිබුණ මෘත දේහයක් ආදාහනය කිරිමට මිගමුව ආදාහනාගාරයට ගෙන ගොස් තිබුණද ඒ සදහා මිගමුව නගරධිපතිවරයාගෙන අනුමැතියක් ලැබි නොතිබුනු බව වාර්තා විය

ඒ මෙම ආදාහනාගාරය මෙලෙස උත්සවයශ්‍රියෙන් විවෘතකිරිමක් ඒ වන විට සිදුනොකර තිබිම නිසා විය යුතු යැයි මිය ගොස් සිටි තැනැත්තාගේ පවුලේ අය විසින් මාධ්‍ය වෙත පවසා තිබුණි.
පසුව රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ ගේ මැදිහත්විම මත සිය ඥාතියාගේ මෘතදේහය දිවුලපිටිය ප්‍රදේශය ගෙනගොස් ආදාහනය කිරිමට සිදුව තිබුණි.
සමාජ මාධ්‍ය වෙත ඡායාරූප පවා නිකුත් කර තිබුණ පළමු කොරෝනා ආදාහනය සිදුකර තිබුනේද මීගමුව පෙරියමුල්ලේ මඤ්ඤොක්කා හේන සුසාන භුමියේදි විමද විශේෂත්වයකි.
(ඡායා- සෙල්වාගේ ෆේස්බුක් පිටුවෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here