මිගමුව ලංකාවේ ලස්සනම නගරය කරනව ! කෙඳිරිනම් ගාන්න එපා.සෞඛ්‍ය කමිටු සභාපති

0
848

 

සිස්ටම් චේන්ජ් කරන්න ආපු මාලිමාව ට්‍රැක් පැනල සිස්ටම් එකේම දුවන කොට මාලිමාවට ඡන්දෙ දිපු පුරවැසියන්ට අයිතියක් තියෙනව සිස්ටම් ⁣චේන්ජ් ගැන මතක් කරල දෙන්න.

අපේ වෙබ් එකේ පුරවැසි පිටුව වෙන්වෙන්නේ එහෙම අදහස් විවේචන ඇගයුම් ලියන්න කැමති පුරවැසියන් වෙනුවෙන් .

මිගමුව මාලිමා පාලනයේ සෞඛ්‍ය කමිටු සභාපති මොහාන් ගැන මට කොහොමටත් තියෙන්නේ ගෞරවයක් .මොකද මනුස්සයා අපි අරගලය කරන කාලේ එතනින් යමින් එමින් ගමන අපේ හයියට කතා කළ විතරක් නෙමෙයි ,  ඇගපත හොදගන්න පොඩි රෙස්ට් එකක් ගන්න ඕන නම් ඒ ලග තිබුන එයාලගෙ ගෙදරට එන්න කියලත් නිතර කියපු චරිතයක්.

ඒ විතරක් නෙමේ අරගලය කාලය පුරාවට අපට විදුලිය ලබාගන්න වැඩේදි ඒකට දුන්න සපෝට් එක අමතක නැ.

වෙල් රෙස්පෙක්ට් බ්‍රෝ.!

දැන් අපි බහිමු මොහාන්ගේ FB ප්‍රතිචාරයට.

එයා කියන්නේ මිගමුව ලංකාවේ ලස්සනම නගරය කරනව .අපි එකෙන්ම ඒකට සපෝට් .මොකද අපි ඡන්දෙ ඉල්ලන්න බලාගෙන නෙමේ මිගමුවේ තිත්ත ඇත්ත මරණ තර්ජන මැද්දෙත් හෙලිකලේ .මිගමුව අලුතින් ගොඩනගන්න තිබුන උවමනාව හින්ද..

ඒ හින්ද මේ කොයි කාටත් වැඩියෙන් අපට අයිතියක් තියෙනව මිගමුව අලුතින් ගොඩ නගන වැඩේදි  හරි වැඩ වලදි උදව් කරන්නත් වැරැද්ද දුටු තැන කොන්දේසි විරහිතව විරුද්ධ වෙන්නත්

මොහාන් මිගමුව ලස්සනම නගරය කරනව නම් අපි ඉතින් ඇයි කෙඳිරි ගාන්නේ දෙනවනේ ෆුල්ම සප් එක.

⁣හැබැයි බ්‍රෝ ඒ වැඩේ ඔයා හිතන් ඉන්න තරම් සරල නෑ.ගොඩක් හදාරන්න ඕනා.විදිමත් විදියට දේවල් සැලසුම්කරන්න ඕනා.විවිධ හැකියාවන් තියෙන නගරයේ හැමෝමව හවුල් කරගන්න ඕනා. එහෙම නොවුනොත්
මිගමුව ලස්සන කරනවා වෙනුවට වෙන්නේ අවලස්සන වෙන එක.

දැන් අපි මෙහෙම බලමු.මිගමුවේ ආපන ශාල වර්ගීකරණය කරන්න කියල අපි මාධ්‍ය හරහා හඬ නැගුවේ 2006 ඉදන්.හැබැයි තාමත් ඒක කරගන්න බැරිවුනා.

ඉතින් සෞඛ්‍ය කමිටුවේ සභාපති හැටියට මේක හැකි ඉක්මනින් ක්‍රියාත්මක කරන්න.

දැන් බිච් පාක් එ⁣කේ ආදයම් ගන්නේ මිගමුව අවලස්සන කරපු අවලංසල.
ඉතින් මොහොන් ඔයා තාමත් බිච් පාක් එක  අතුපතු ගාන්න කම්කරුවෝ දානවද.?

දාන්න එපා ! ඇයි කියල අහන්නත් එපා!

දැන් ලංසල⁣ට කඩේ ගිය සෙට් එකක් ඉන්නව නේද අර ඔයාල මිගමුව බස් නැවතුමේ අතුගාන්න දාපු .දැන් කෝ එයාල.
වැඩේ රිවර්ස්ලු නේද.

එහෙම රිවර්ස් වෙන්න ඉඩ දිලා කොහොමද මිගමු ලස්සන කරන්නේ.

ගත්තු තිරණය වෙනුවෙන් කෙලින් හිටගන්න.වැඩ නොකර හොරට පඩි අරන් දායන් ලංසලට කඹුරපු අයට කිසිම චාන්ස් එකක් දෙන්න එපා.එහෙම දිල කොහොමද සිස්ටම් චේන්ජ් කරන්නේ.

ඉතින් අපි මොහාන් බ්‍රෝ ට කියන්නේ කෙඳිරි ගාන්නේ නැතුව බය නැතුව වැඩේට බහින්න.

ආ තවත් වැදගත් දෙයක්.

නිමල් ලංසා කියන්නේ හුලං අත බලල හැමදාමත් රුවල දාපු කෙනෙක්.හොදට බලන්න එයා දැනටමත් එයාගේ ගෝලයෝ කමිටුවලටත් බස්සල ඔයාලවත් ලෙසටම අන්දවගන්න ලංසා ප්ලැන් ගහල ඇති අනිවාර්යයෙන්ම .
එහෙම පුතය මිනිහ.

ඒ විතරක් නෙමෙයි සෞඛ්‍ය කමිටුවට ඕන උපකරණ පවා එයා ගානට බස්සයි.

ශ්‍රමදාන වලට උනත් අතදිගහැරල වියදම් කරන හැටි දැම්මම ප්ලැන් කරල ඇති..

බිච් පාක් එකට ගහපු තාමත් ගලවගන්න බැරි ගැටේ එක්ක බලන කොට මේව මොනවද කියල ඔයාටම හිතෙයි.?

කොහොම හරි කෙඳිරි නොගා මිගමුව ලංකාවේ ලස්සනම නගරය කරමු බ්‍රෝ.

සිස්ටම් චේන්ජ් කරමු.අලුත් විදියට වැඩකරමු.මාධ්‍ය සංදර්ශනවලට එහා ගිය ලස්සන නගරයක් හදන්න මුලපුරමු.

තව දෙයක් මේ FB කමෙන්ට් එකේදි කෙදිරිගාන්න එපා ප්‍රෙඩි කියල ලියල  තිබුන.Screenshot 20250711 221331

මොහොන් මිගමුවේ වැඩි දෙනෙක් කෙඳිරිගාන්නෙවත් නැතුව ඉන්න කොට තමයි මිපුර අපි තර්ජන මැද්දේ ලංසලට අභියෝග කරමින්  අයුක්තිය ගැන දශක දෙකකටත් වැඩි කාලයක් අරගල කලේ.

අනික තවත් දෙයක් .මොහාන්ල වගේ ලග.නමල මිනි කනත්තට ලයිට් 5 ක්.දාල “ලයිට් සෙල්ෆි ” දාපු පලවෙනි මන්ත්‍රී හැටියට අපේ වෙබ් එකට පුරවැසියෙකු  ලියපු එක හින්ද ඉතිහාසගත වෙන්නේ ඔයා තමයි මොහාන්.

මාලිමාවට ඡන්දෙ දාපු පුරවැසියෙක් මේ සංදර්ශණ වැඩ විවේචනය කරල ලියපුවම  මොහාන්ලගේ වර්ගයේ අයගේ   ප්‍රතිචාරය මොකක්ද ?

අකුල්හෙලනවා  ?

සාධනීය විවේචනයක් ගැන මොහාන් හිතන්නේ එහෙම නම් ඔය අංශෙන්ම යන්න.

එකක්.අපි අහන්න.කැමතියි මිගමුවේ ජවිපෙ නියෝජිතයා වු ජුඩ් ගෙන්.

ලයිට් 5කටත් සෙල්ෆි ගහල FB දාන දේශපාලනය ඔයාලත් අනුමත.කරනවද කියල.කොහොම වුනත් ඒක අනුමත නොකරපු මන්ත්‍රි මණ්ඩලයෙම අයත් ඉන්නව කියල අපි නම් ඉතා හොදින් දන්නව.FB IMG 1752300835673FB IMG 1752300827518FB IMG 1752300829908

පොල් ලෙල්ලක් දැම්මත් දිනාගන්න පුලුවන් විදියට මිගමුවේ ලංසා පාලනය අල කරපු අරගලේ වෙලාවේ ඔයාලගේ  අය හිටියේ කොහෙද කියල අපි අමුතුවෙන් කියන්න ඕනේ නැනේ.ඒක තමයි තිත්ත ඇත්ත.

ඉතින් කෙකර නොගා ඔයා මිගමුව ලස්සන කරන්න ! අපි බලන් ඉන්නව.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here