මිගමු කරවල නිෂ්පාදකයෝ කබලෙන් ලිපට…

0
515
කරවල් 1
කරවල 2

කොරෝනා හේතුවෙන් තමන් අව්වේ වෙලාගත් කරවල පවා අලෙවි කරගැනිමට නොහැකිව කොටුව පිට්ටනිය අසල වැලේලේ කරවල නිෂ්පාදකයො මැසිවිලි කියති.
සිය නිෂ්පාදන අලෙවි කරගැනිමට මේ දිනවල ප්‍රශ්ණ රැසක් මතුව ඇතැයි ඔවුන් කියති.
බොහෝ ප්‍රදේශවල පොලවල් වසා ඇති නිසා දැන් මිගමුව කරවල ගැනිමට වෙළෙන්දන් පවා පැමිණෙන්නේ නැත.එමෙන්ම මිගමුව කාමච්චෝඩේ කරවල අලෙවි පොළ පවා පසුගිය කාලය තුලම වසා දමා තිබේ.
සිල්ලර කරවල විකිණිම පවා පවතින තත්වය හමුවේ අදාල බලධාරින් විසින් තහනම් කොට ඇතැයි මේ අය පවසා සිටි.
වේලාගත් කරවල සතියක් පමණ ඉක්මවු පසු අවපැහැ ගැන්විමට ඇති ඉඩ වැඩි නිසා ඉන් පසු අලෙවි කිරිමටද අපහසු වේ .
මේ සියළු ගැටළු එසේ තිබියදි පැවැති අයහපත් කාලය ගුණය නිසා මුහුදු වතුර නොසිතු ලෙසින් කරවල වේලන වැල්ල පුරා පැතිරි යාම නිසා මේ අයට යළිත් ඒ කරවල ලුණු දමා වේලාගන්නට මේ දිනවල සිදුව තිබේ

කරවල 3
කරවල 7
කරවල 9
කරවල 5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here