මිගමුවේ නගරය අනවසර කඩ රැසකි.
මේ අනවසර කඩ ඉදිකරගැනිමට ඉඩ දිම තුලින් ලංසා පවුල සෑහෙන මුදලක් හම්බකරගත් බව ඉතා පැහැදිලිය.
මිගමුව බස්නැවතුම ඉදිරිපිට ඇති සපත්තු මහන තැන මිට එක් නිදසුනකි.
ලංසා පවුල පාලනය හමාර වි කොමසාරිස් පාලනයට මිගමුව නතුවිමට සති කිපයකට පෙර මේ සපත්තු මහත තැන අනවසර ඉදිිකිරිම සිදුකර තිබුණි.
ලංසා පාලනය තුල මුදලට තැන තැන අනවසර ඉදිකිරිම් ජයටම කෙරෙද්දි පුනරුද පාලනය ඇරඹිමෙන් පසුවද ලංසා හිතවාදින් විසින් මිගමුව නගරය තුල අනවසර කඩ ඉදිකර තිබේ.
මේ අනවසර කඩවලින් කිපයකට මිට සති කිහිපයකට ඉහතදි අනවසර කඩ සති දෙකක් ඇතුලත කඩා ඉවත්කර ගන්නා ලෙස මිගමු නගර සභා බලධාරින් දැනුම් දි ඇතයිද සැලය.
ලබාදි තිබුන සති දෙකේ කාලය ඉක්මවා දැන් මාසයක්ද පිරෙමින් තිබුනද හීන්කෙන්දලාගේ පුනරුද පාලනය සිරියස් නොගන්නා තැනකට දැන් මිගමුව පත්වෙමින් තිබේ.
ඉන් කියැවෙන්නේ කුමක්ද?නගරාධිපති ඇතුළු මාලිමා නාගරික මන්ත්‍රී මණ්ඩලය පමණක් නොව මර නින්දකට වැටෙමින් ඇති විපක්ෂය ද නිසා නීතියට බයක් සැකක් නැති තත්වයක් දැන් නිර්මාණය වෙමින් ඇති බව නොවේද?












