මිගමුව වෙරළ තීරයේ පසුගියදා පැවැති සරුංගල් සැණකෙලිය හේතුවෙන් වෙරළ අපවිත්‍රවිම මෙන්ම ඇතිව තිබුන රථවාහන තදබදය හේතුවෙන් ගැටළු රැසක් මතුව තිබුන බවට වු චෝදනාව පාර්ශව ගණනාවක් විසින්ම සිදුකර තිබුණි.


විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයන් කියා තිබුනේ සැලසුමක් නැති මේ සැණකෙළිය නිසා සංචාරක කර්මාන්තයටද බරපතල ගැටලු මතුකර තිබුන බවය.
සැණකෙළි හොඳය.එහෙත් විධිමත් ලෙසින් සංවිධානය කළ යුතුව තිබේ.
සැණකෙළිය හේතුවෙන් මුළු වෙරළ තීරයම අපවිත්‍ර වි තිබුණි.එසේ අපවිත්‍රවි තිබුනේ මිට සතියකට කලින් හමුදාවද එක්වු දැවැන්ත ශ්‍රමදානයකින් පසු පිරිසිදු කර තිබුණ වෙරළ තිරයයි.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මුදල් ගෙවා ස්වර්ණවාහිනිය විසින් වෙන්කර ගෙන තිබුණු වෙරළ තිරයේ පැවැති මෙම සරුංගල් සැණකෙලියෙන් ගොඩගියේ ස්වර්ණාවාහිනිය සහ ලංසා පවුලේ කොම්පැණිය පමණි.වෙරළ සංරක්ෂණයට පවා ලැබෙන්නට ඇත්තේ රු 10000ක් පමණි.
සැණකෙළිය නිසා වැඩි වියදමක් දරන්නට සිදුව තිබුනේ මිගමුව මහනගර සභාව හටය.
ලංසලා සල්ලි අහුලද්දි හීන්කෙන්දලා කුණු ඇහිදිම අද දවසේ යථාර්ථය බවට පත්ව ඇතැයි නම සඳහන් කිරිමට අකමැති වු හෝටල් ව්‍යාපාරිකයෙකු මිපුරට කියා සිටියේය..
මෙවැනි සැණකෙළියක් පැවැත්විමේදි අවශ්‍ය පහසුකම් මෙන්ම ,කැළිකසල සහ රථවාහන තදබදය කලමණාකරණය කිරිමට කිසිදු වැඩපිලිවෙලක් තිබුන බවක් නොපෙනුනි.චෝදනා එල්ලව තිබුනේද මේ නිසාය.
https://www.facebook.com/share/v/176pa476is/https://www.facebook.com/share/v/176pa476is/
තතු මෙසේව තිබියදි ස්වර්ණවාහිනි නිවේදකයා හමුවේ අදහස් දක්වා සිටි මිගමුව නගරාධිපති නීතිඥ හීන්කෙන්ද මෙය මහඉහලින් වර්ණනා කර තිබුණද ඒවන විටත් මෙම සැණකෙළිය වෙරළ තීරයටත්, සංචාරක කර්මාන්තයටත් කර තිබුන හානිය ගැන ඔහුදැන සිටියාදැයි අප නම් නොදනිමු.
මයික් එකක් ඇල්ලු පමණනින් නිනව් නැතුව කියන වචන ආපසු කැදවාගත නොහැකි බව සිහිකරගත යුතුව තිබේ.












