මිනුවන්ගොඩ නගර සභා ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක්

0
267

ප්‍රථම වරට මිනුවන්ගොඩ නගර සභා ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක් තබමින් මෙවර පළාත් පාලන මැතිවරණයේදී නගර සභාවේ උපසභාපති ධූරය ප්‍රථම වරට කාන්තාවක් හට හිමිව තිබේ .IMG 20250605 115605IMG 20250605 115631IMG 20250605 115711

ඇය නගර සභා සීමාවේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන කාන්තාවක් වීම තවත් විශේෂත්වයකි .

මින් පෙර නගර සභා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක කුමන හෝ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් කාන්තා උපසභාපතිනියක් හෝ සභාපතිවරියක් පත්වී නොමැති බව නගර සභා වාර්තා පෙන්වා දෙයි .

ඒ අනුව මෙවර ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මිණුවන්ගොඩ නගර සභාව සඳහා මැද මිනු අංගොඩ කොට්ඨාසයෙන් තරග කළ තුවාන් කිච්චිල් සුරෙයියා ෆර්මින් මහත්මිය නගර සභාවේ උප සභාපතිනිය ලෙස තේරී පත්වීම විශේෂත්වයකි .

නගර සභාවේ උප සභාපතිනිය ලෙස පත්වීම පිළිබඳව ඇය මෙසේ පැවසීය .
අපි හැමෝම එක ජන කොට්ඨාසයක් බවත් මිනිසුන් බෙදන්නට ඇති ඉඩකඩ ජාතික ජන බලවේගය තුළ නොමැති බවත් ආගම් භේද දුරලපු දැක්මක් සහිත පක්ෂයක් ,රජයක් බවට ජාතික ජන බලවේගයට ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඇති බවද කීය .

එසේම තමන් ලද මෙම තනතුර තුළින් මිනුවන්ගොඩ නගර සභා සීමාවේ පමණක් නොව මුළු මිනුවන්ගොඩ මැතිවරණ කොට්ඨාසයේම ජනතාවගේ සුබ සිද්ධිය හා ප්‍රදේශයේ දියුණුව වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීම හා සියලුම ජනතාව නගා සිටුවීම තම එකම අරමුණ බව පැවසූ ඇය තම ජයග්‍රහණය උදෙසා උපරිම දායකත්වය ලබා දුන් මැද මිනුවන්ගොඩ කොට්ඨාසයේ සියලූම ජනතාවට තම හෘදයාංගම ප්‍රණාමය පුද කරන බවද වැඩිදුරටත් පැවසීය .

පියපේම මාණික්කරත්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here