මිපුර හෙළිදරව්ව ගැන පේරුවේ මන්ත්‍රී මංගලගෙන් ප්‍රතිචාරයක්!

0
459

 

 

පේරුවේ කාණු පිරිසිදු කිරිම සහ කුනු ඉවත්කිරිම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වු සෙවන්හිල්ස් ආයතනය වෙනුවට වෙනත් ආයතනකට  දියයුතු බවට වු ⁣⁣යෝජනාව මත යලිත් ටෙන්ඩර් කැදවා තිබුණි.

කෙසේ වෙතත් මේ අකාරයෙන් ටෙන්ඩර් කැදවිම් වලින් පසුවද ටෙන්ඩරය හිමිකරගෙන තිබුනේ සෙවන්හිල්ස් ආයතනය විසින්මය.

කෙසේ වෙතත් මේ හේතුවෙන්‍ ලක්ෂ 15 කට ආසන්න මුදලක් අහිමි කර ඇති බව අප පුවත මගින් පෙන්වා දි ඇත්තෙමු..

අප විසින් පලකර තිබුන පුවතට හැරෙන තෑපැලෙන්ම කමෙන්ට් එකක් මංගල ඩයස් බුකිගතකර ඇත.

අප එයද පහත පළකරමු.

කෙසේ වෙතත් යළි යළිත් ටෙන්ඩර් කිරිම⁣ට සභාව යොමු කිරිම හරහා මුල්‍ය පාඩුවක් සිදුව ඇතැයි කියන කරුණු ගැන කිසිදු සදහනක් පේරුවේ මන්ත්‍රිවරයාගේ ප්‍රතිචාරය තුල සඳහන් නැත.

තලාහේන පේරුවේ මන්ත්‍රි මංගල ඩයස් ගේ FB ප්‍රතිචාරය..

මේ හොරාගේ අම්මගෙන් පේන අහලා.🤣🤣🤣ඔය කොන්ත්‍රත් එක මීපුරට තොරතුරු ඉල්ලීමේ පනතේ ප්‍රකාරව මීගමුව නගර සභාවෙන් ඉල්ලීමක් කරලා ගන්න පුලුවන්.කොහොමත් දැනට වසර ගණනක සිට තලාහේන පේරුවේ කුණු ගෙනියන්නේ පෞද්ගලික ආයාතනයක් තමයි.ඒක එහෙම තියෙද්දී 2025 ජුනි 02 නවක පාලනය වැඩ භාර ගන්නවා. ජුනි 01 මේ කුණු ටෙන්ඩරේ කානු සුද්ධ කිරීමට මාර්ග දෙපස සුද්ධකිරීම සමග කුණ ඇදීම ඒ සමාගමට පවරණවා.නමුත් මාසයක් ඒ ආයතනය කානු සුද්ධ කිරීමෙන් හා මාර්ග දෙපස සුද්ධ කිරීමක් කරන්නේ නැහැ.ඒ වෙනුවට ඒ කාර්‍ය කෙරුවේ කවුද? ප්‍රදේශයේ ජනතාව කානු සුද්ධ කරන්නේ නැත්තේ ඇයි කියලා ප්‍රශ්න කරද්දී ඒක ප්‍රශ්ණකරලා කාර්‍යභාරයක් නොකරපු ආයාතනයකට මුදල් ගෙවීම නතරකලේ කොහොමද? කවුද?ඒ ආයාතනය නගරසභාවට ගෙනල්ලා ප්‍රශ්න කරද්දී නිරුත්තරව සිටිහැටිඒ හොරාගේ මව්පියන්ගෙන්ම පේනේ අහලා දැනගත්තනම් වටිනවා.ඒ ප්‍රශ්ණකිරීම නොකෙරුවනම් තවමත් අනීතිකව විශාල මුදලක් නගරසභාවට නැතිවෙනවා.නමුත් අද ඒ කාර්‍ය කරන්නේ නගරසභාවෙ සෞඛ්‍ය සහෝදරවරු.ඒ අය උපරිම හොඳට ඒක දැන් කරනවා.කරුණාකර කවුරුහරි මොකක් හරි කිව්වම ඇරියස් කවකරන්න හිතාගෙන හරි දේ හොයලා බලන්නේ නැතුව ලියන්න එපා..කාලයක් තිස්සේ අඳුනන, තිබුණ ගෞරවය හා ඇගයීම දියවෙන විදිහට මාධ්‍ය හසුරන්න එපා.එක එක ඇජෙන්ඩාස් තියෙන්න පුලුවන්.නමුත් හරිදේ ලියන්න කියලා ඉල්ලනවා.( උපුටා ගැනිම අවසන්)

කෙසේ වෙතත් අපට අවසන් වශයෙන් පවා අසන්නට ඇත්තේ ලක්ෂ 15කට ආසන්න මුදලක් අපතේ ගියාද ? නැද්ද?යැයි කියාය.

මංගල ඇතුලු මාලිමාවේ නියෝජිතයන් තුන් හතර දෙනෙකු අප පෙන්වා දෙන මුලික කරුණු පසෙක ලා අපත් සමගින් බුකියේ පැටලෙමින් සිටිති.

ඔවුන් දැන් මිගමුව විනාශ කළ ලංසාලා අතහැර මිපුර අනෙකා කරගෙන සි⁣ටිති.

මේ නිසාම මිගමුව අලුතින් ගොඩනැගිමට අදාලව අපි දිගින් දිගටම මතුකරමින් සිටින ඔවුන් ටික දෙනාට ඇහෙන්නේ නැත.

අප විසින් මතු කරන කරුනු පුවත් මේ වන විට මිලියන ගනනකගේ අවධානයට ලක්ව ඇත.

ඊයේ සිට අද දක්වා ලක්ෂ 10 ක් අපේ පුවත් කියවා තිබේ.දෙසැම්බර් 14 වනදා අප⁣ ලක්ෂ 20කි. මාසයක්  තුල views ලක්ෂ 170කි.

අප ලියන්නේ බොරු යැයි කියන මාලිමාවේ තුන්හතර දෙනාට අවසාන වශයෙන් කියන්නට ඇත්තේ ඔබට ඇත්තේ අපි නිරන්තරයෙන්ම ඔබලා කල යුතු යැයි මිගමුවේ ජනතාව බලාපොරොත්තුවු එහෙත් ඔබලා විසින් නොකරන ඒවා අප නිරන්තරයෙන්ම මතුකිරිම නිසා අපත් සමඟින් ඇති තරහවක් මිස අන් කිසිවක් නොවන බවය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here