
ජනවාරි 03, 04 යන දෙදින තුල මීගමුව පළඟතුරේ වෙරළ තීරයේදී , වෙරළ වොලිබෝල් (බීච් වොලිබෝල්) විනිසුරුවන් සඳහා පවත්වන ලද පුහුණු වැඩමුළුවකදී , මීගමු වෙරළ තීරය තුළ වෙරළ ක්‍රීඩාවන් පැවැත්වීම සඳහාම වෙන් වු වෙරළ ක්‍රීඩා සංකීර්ණයක් පිළිබඳව ද සාකච්ඡා වී ඇති බවට වාර්තා වුනි.
මෙම දෙදින ක්‍රීඩා වැඩමුළුව සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ වෙරළ වොලිබෝල් කොමිසම සහ නිගම්බු ටුවරිස්ට් ඇසෝසියේෂන් හෙවත් මීගමුව සංචාරක සංගමයේ එකමුතුවෙනි. එලෙසම මෙම ක්‍රීඩා වැඩමුළුව සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දී තිබුණේ ද මීගමුව සංචාරක සංගමය විසිනි.
මෙහි අවසන් දිනය දා ( 04/ 01/2026) එම සහතික පත් පිරිනැමීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර මහතාය. එලෙසම පොලිස් අධිකාරී ලාල් මහතා, වෙරළ වොලිබෝල් කොමිසමේ ලේකම්, කමාන්ඩර් මදුෂාන් සිල්වා මහතා , ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක කමිටු සාමාජික ධනපාල ජයපත්ම මහතා එලෙසම කොච්චිකඩේ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.ටී.සේනානායක මහතා ඇතුළු ආරාධිතයින් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඒ අනුව මීගමුව සංචාරක පුරවරයට මෙවැනි වූ වෙරළ ක්‍රීඩා සංකීර්ණයක අවශ්‍යතාවය පිළිබඳව මීගමුව සංචාරක සංගමයෙන් නිරන්තර යෝජනාවන් ඉදිරිපත් වූ අතර මෙවැනි ක්‍රීඩා සංකීර්ණයක් මීගමුව සංචාරක ප්‍රවර්ධනයට මහත් වු රුකුලක් වන බවත්, මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ වර්ණකුමාර මහතාගේ අදහස වී තිබේ. ඒ අනුව මෙහිදී ඔහු යෝජනා කරන්නේ මීගමුව පළඟතුරේ වෙරළ තීරයේ මෙම ක්‍රීඩා සංකීර්ණය ඉදිකළ හැකිි බවත් ඒ අනුව මෙලෙස ඉදි කරනු ලබන වෙරළ ක්‍රීඩා සංකීර්ණය , වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති රීති ප්‍රකාරව සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය ඇතිව ඉදිකිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී වර්ණකුමාර මහතා වැඩිදුරටත් පැවසීය.
එලෙසම මෙම දෙදින පුහුණු වැඩමුළුව නිමකළ සියළු විනිසුරුවරුන් සහ විනිසුරුවරියන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට
මීගමුව සංචාරක සංගමයේ උප සභාපති රොෂානී ෆොන්සේකා මහත්මිය, සම්බන්ධීකාරක මාර්ෂල් ඩැනියෙල් මහතා, සහ කමිටු සාමාජික මාධව මහතා මෙන්ම වෙරළ වොලිබෝල් කොමිසමේ නිලධාරී මහත්ම මහත්මාවීන් මෙන්ම ,මෙම දෙදින වැඩමුළුවට සහභාගි වූ සියලුම විනිසුරුවරුන්, මිනිසුරුවරියන් සහ ජාතික වෙරළ බොලිබෝල් සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩකාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.













