ශ්‍රී ලංකාවේ ප්‍රකට වාද බයිලා ශිල්පියෙකු වන පර්සි රාජපක්ෂ ප්‍රමුඛ සමස්ත ලංකා වාද බයිලා සංගමයේ වාද බයිලා ශිල්පීන් සහභාගි වන වාද බයිලා ප්‍රසංගයක් එළඹෙන 15 වැනි සෙනසුරාදා දින (15/11/2025) මීගමුවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
” ටවර් වාද බයිලා ප්‍රසංගය” යනුවෙන් නම් කර ඇති මෙම බයිලා ප්‍රසංගය එදින මීගමුව රුක්මනී දේවී රඟහලේදී සවස 6.00 පැවැත්වීමට නියමිතව ඇත.
අනාගත පරපුරට වාද බයිලා පිළිබඳව අවබෝධයක් සහ රසවින්දනයක්ලබාදීම අරමුණු කර ගනිමින් ටවර් හෝල් රඟහල පදනම සංවිධානය කරන මෙම වාද බයිලා ප්‍රසංගය නැරඹීම සඳහා මීගමුව ප්‍රදේශවාසී ඔබට මෙයින් ආරාධනය කර සිටී.












