මීගමුවේ ආගමීක සහජීවනය වර්ධනය කරන ඉෆ්තාර් සැමරුමක් !

0
94

 

මීගමුව පුරවරයේ, ආගමික සහජීවනය සහ සංහිඳියාව වර්ධනය කිරීමේ අරමුණින් යුතුව,සර්ව ආගමික වැඩසටහනක් ලෙස ත් එලෙසම ගෙවී යන මේ රාමලන් උපවාස මාසයේ දෛනික උපවාසය අත්හැරීමේ සැමරුම් අවස්ථාවක් ලෙසත් විශේෂ ඉෆ්තාර් සැමරුම් වැඩසටහනක් ඊයේ දින සවස (12/03/2026) මීගමුව,
” ගෝල්ඩන් පැලස් ” උත්සව ශාලාවේදී සංවිධානය කර තිබිණි.

මෙය සංවිධානය කර තිබුණේ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්ච මහත්මිය සහ සංස්කෘතික නිලධාරිනි දිලුෂා ප්‍රනාන්දු මහත්මිය ඇතුළු එම කාර්යාලයේ සේවයේ නියුතු මුස්ලිම් ජාතික නිලධාරී මහත්ම මහත්මාවීන් විසිනි. මීගමුව පුරවරයේ වෙසෙන සියලු ජාතීන් මෙන්ම, බෞද්ධ, කතෝලික, මුස්ලිම් සහ හින්දු යන සිව් ආගමික ජනතාව නියෝජනය වන පරිදි මෙම උත්සවය සඳහා බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට, ඇතුළු අනෙකුත් ආගමික පූජකතුමන්ලාටද මෙම ඉෆ්තාර් සැමරුම් වැඩසටහන සඳහා ආරාධනය කර තිබිණි. ඒ අනුව මීගමුව විජේපාල මෙන්ඩිස් අනුස්මරණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ, විහාරාධිකාරී රාජකීය පණ්ඩිත පූජ්‍ය බාඳුරාගොඩ රාහුල ස්වාමින් වහන්සේ, වැල්ලවීදිය, සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ , සහයක මීසම් සේවක ගරු නික්සන් සමීර පියතුමා, වැල්ලවීදිය ශ්‍රී සිත්තිවිනයාගර් කෝවිලේ ප්‍රධාන පූජක, ගරු තිරුබාකරන් කුරුක්කල් තුමා සහ පෙරියමුල්ල, මුස්ලිම් මහා දේවස්ථානයේ , ප්‍රධාන මවුලවි, ගරු අල්හාජ් හනීෆා මවුලවිතුමා ද මෙම සැමරුම් වැඩසටහන සඳහා සහභාගී වූහ
එලෙසම මෙහි ප්‍රධාන ආරාධිතයින් ලෙස මීගමුව භාර පාර්ලිමේන්තු මන්ත්‍රී , ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය , සුගත් තිලකරත්න මහතා සහ මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා ඇතුළු තවත් ආරාධිතයින් පිරිසක් සහභාගි වූහ.

 

IMG 20260315 WA0024IMG 20260315 WA0026IMG 20260315 WA0029IMG 20260315 WA0031IMG 20260315 WA0030

 

IMG 20260315 WA0037 IMG 20260315 WA0036 IMG 20260315 WA0035 IMG 20260315 WA0034 IMG 20260315 WA0033 IMG 20260315 WA0032 IMG 20260315 WA0028 IMG 20260315 WA0027 IMG 20260315 WA0026 IMG 20260315 WA0025

එලෙසම මීගමුවේ වෙසෙන මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරමින් හිටපු පළාත් සභා මංත්‍රී ශාෆී රහීම් මහතා ඇතුළු මුස්ලිම් ක්‍රියාදරයින් රැසක් සහ තවත් ඉස්ලාමීය බැතිමතුන් විශාල පිරිසක් දෛනික රමලාන් උපවාසය අත්හැරීමේ අවස්ථාව සනිටුහන් කරමින් මෙම විශේෂ ඉෆ්තාර් සැමරුම් වැඩසටහන සඳහා සහභාගි වී සිටින ආකාරය දැකගත හැකි විය.

මෙම ඉෆ්තාර් සැමරුම් වැඩසටහනේ ප්‍රධානතම දේශනය සිදු කළේ මීගමුව,
” අල් පුර්කාන් අල් කරීම්” අරාබි පාසලේ ගරු විදුහල්පති , අල්ෂෙයික් එම්.එෆ්.එම්. ෆරූද් ඉන්ෂානීතුමන් විසිනි.
එතුමන්ගේ දේශනය තුළින් රාමලන් උපාසය පිළිබඳව ඉතා ගැඹුරු සංකල්ප සහ අදහස් ඉතා සරලව මෙම සැමරුම් වැඩසටහනට සහභාගි වූ පිරිසට දැනුවත් කිරීම සිදුවිය.
බොහෝ දෙනකු සිතන්නේ රාමලාන් උපවාස කාල සීමාව යනු ඉස්ලාම් බැතිමතෙකු තම දෛනික ආහාර පානවලින් වැලකී උපවාසයෙන් යුතුව සිටිය යුතු බවය. එහෙත් අල්ෂෙයික් එම්.එෆ්.එම්. ෆරූද් ඉන්ෂානීතුමන් විසින් සිය දේශනයේදී මතු කරනු ලැබුවේ රාමලන් උපවාස මාසය යනු ඉස්ලාම් භක්තිකයෙක් තම දෛනික ආහාර පාන පමණක් සීමා කර හෝ අතහැර උපවාස සිදු කිරීමේ ක්‍රියාවලියක් නොවන බවයි. එනම් එම උපවාස කාල සීමාව තුළ ආහාර පාන වලින් වැලකී උපවාසයෙන් යුතුව කටයුතු කිරීම මෙන්ම උතුම් වූ අල්ලා දෙවිඳුට මෙන්ම උතුම් වූ ඉස්ලාම් දහමට භය භක්තියෙන් යුතුව ජීවත් වීමට හුරු කරන කාලයක් බවයි. එනිසා සෑම වසරකම ඉස්ලාම් බැතිමතෙකුට වෙනත් කාල සීමාවන්ට වඩා රාමලාන් උපවාස කාලය යනු සියලු පව් වලින් වැළකී සිටිය යුතුම කාලයක් වන බවද අල්ෂෙයික් එම්.එෆ්.එම්. ෆරූද් ඉන්ෂානීතුමන් විසින් සිය දේශනය තුළින් ප්‍රධාන වශයෙන්ම අවධාරණය කළේය.
එලෙසම එතුමන්ගේ එම දේශනය සිංහල භාෂාවෙන් සිදු කිරීම මෙම ඉෆ්තාර් සැමරුම් වැඩසටහනේ විශේෂත්වයක් ලෙසද සැලකිය හැකිය.

මෙම වැඩසටහන ආරම්භයේදීම ,මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය විසින් , වැටසටහන ආමන්ත්‍රණය කරමින් ප්‍රකාශ කළේ, වෙනත් වසර වලට වඩා මේ වසරේදී මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයට මුස්ලිම් ජාතික නිලධාරි මහත්ම මහත්මාවීන් 12 දෙනෙකුගෙන් පමණ වන නිලධාරී කණ්ඩායමක් රාජකාරී කටයුතුවලට පැමිණ ඇති බවයි. එනිසා මෙවර පවත්වන මෙම වැඩසටහන එම පිරිසගේ අදහස් උදහස් වලට අනුව නව සංකල්පනාවන් යටතේ සංවිධානය කර ඇති බවද ඇය එහිදී පැවසීය. ඒ අනුව ප්‍රාදේශීය ලේකම්වරිය එම පිරිසට විශේෂ ස්තූතියක් පුද කිරීමට ද මෙහිදී අමතක නොකළාය.

මෙම වැඩසටහන සඳහා මීගමුව , සහකාර ප්‍රාදේශීය ලේකම් ලංකා බන්නැහැක මහත්මිය ඇතුළු එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ, නිලධාරි මහත්ම මහත්මාවීන් පිරිසක් සහ තවද මීගමුව ප්‍රදේශයේ,සිංහල විද්වත්වතුන් සහ සමාජ ක්‍රියාදරයන් පිරිසක්ද සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here