මීගමුවේ කොරල්පර පද්ධතිය මරා ගත්තේ කව්ද ?

0
428

 

මෝර වල ගාවම ජිවත් වෙන මුහුදු පරිසරයට බෙහෙවින්ම ආදරය කරන චරිතයක් වුන අරුණ රෝශාන්ත එයාගේ ෆේස්බුක් පිටුවේ දැනෙන සටහනක් දාල තිබුන ගිය සතියේ දවසක.

මේ පහත අපි දාන්නේ ඒක

මෙය කිසිඳු දෙවිකෙනෙක් හෝ කිසිඳු මනුෂ්‍යයෙක් හෝ අනුමත නොකරන හා සියලුම ආගම් ද විරෝධී ක්‍රියාවකි.

ලෝකප්‍රසිද්ධ මෙවන් ස්වාභාවික සුන්දර පරිසරයක් අද මෙලෙස අසුන්දර වූයේ කෙසේද? මෙය අපි අපේම රට පහත් කොට සැළකීමකි. මීගමුවේත්, රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේත්, ප්‍රෞඩත්වයත්, ආත්ම ගරුත්වය සහ අභිමානයත් කෙළෙසීමකි. මේ කෙලෙසී යන්නේ අපේ දරුවන්ගේ අනාගතයයි.
බලධාරීනී ඔබගේ අවධානය යොමු නොකිරීමෙන් හා නීතිය ක්‍රියාත්මක නොකිරීමෙන්, මේවා කරන අයට වඩා ඔබ වැරදිකරුවන් හෝ නොහොබිනා මිනිසුන් නොවන්න.

අරුණ විඩියෝ සාක්ෂියකුත් මේ ඉහත සටහනට එකතු කරල තිබුන

මිගමුවටත් කොරල්පර පද්ධතියක් තිබුන.

ධීවර ක්ෂේත්‍රය හා බැදුන දැනුම් සම්භාරයක් තියෙන සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් 2013 අපේ මිපුර පත්තරේට මේ කොරල් පර පද්ධතිය ගැන ලිව්වා.පින්තූරත දාල තිබුන.

පහත තියෙන්නෙ ඒ සටහන

 

namal mankuliya 2නාමල් ප්‍රනාන්දු

කරවල නිෂ්පාදකයන්ගේ අප්‍රද්‍රව්‍ය මෙන්ම තවත් නොයෙකුත් අපද්‍රව්‍ය දිගින් දිගටම මිගමුවේ සුන්දර කොරල් පර පිහිටි කලාපයට මුදා හැරිම හේතුවෙන් එදා ඉතා සුන්දර ලෙසින් දිස් වු කොරල් පර අද කළු පැහැ ගැන්වි ඇති බව ධිවර ක්ෂේත්‍රයේ අත්දැකිම් බහුල සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාමල් ප්‍රනාන්දු පවසයි.
මේ පිළිබදව තවදුරටත් ඔහු කියා සිටින්නේ කලපුවට මුදා හැරෙන විවිධ අප්‍රද්‍රව්‍ය බාදිය ඔස්සේ මුහුදට යෑමෙන් ඒ බලපෑමද මේ කොරලපර විනාශය විමට බලපා ඇති බවය.
එපමණක් නොව කොරල්පර ධිවරයන් විසින් දැල් එලිමද මේ විනාශයට තුඩු දි තිබේ.
කෙසේ වෙතත් දැනට වසර 2 කක පමණ ඉහතදි මිගමුවේ මේ කොරල් පර විනාශය තිබේ.පහත පළවන්නේ මේ කොරල් පර තිරය ඉතාමත් සුන්දරව පැවැති කාලයේ නාමල් ප්‍රනාන්දු විසින් ඡායාරූප එහි සුන්දරත්වයද සමගින් ඒ ගැන අප විසින් ලියන්නට යෙදුන ලිපියකි.මේ සුන්දර කොරල් තිරය විනාශ විමට නියමිත බව එදා නාමල් ප්‍රනාන්දු විසින් ඉතා පැහැදිලිව අනතුරු අඟවා තිබුණද මිගමුවේ ධිවර ක්ෂේත්‍රයේ බලධාරින්ට එය රැකගැනිමට වැඩපිළිවෙලක් නොමැතිවිම කොයිතරම් නම් ඛේදවාචකයක්ද ????

මෝරුන් බෝවීම පිළිබඳ ප්‍රසිද්ධියක් උසුලන මෝර වල නම් ස්ථානයේ ස්වභාවිකව පිහිටා තිඛෙන ගල් බැම්මට යාව මීටර් 20ක් පමණ ගොඩබිම් සීමාවේ කොරල් පරයක් පිහිටා ඇති බව දැනගන්නට ලැබුණි.

වසර 10කට පමණ පෙර ධීවර වරායක් ඉදිකිරීමට මෙම ස්ථානය තෝරාගත් අවස්ථාවේ ධීවර ජනතාවගේ උනන්දුව මත එම ස්ථානය පිළිබඳ වැඩිදුර කරුණු සෙවීමේ දී කොරල්පරය පිළිබඳ වැදගත් තොරතුරු හෙළි විය.
කොරල්පරය පිළිබඳ මේ දක්වා විධිමත් අධ්‍යනයක් කර නොමැති බව තතු දත් ධීවර ජනයාගේ අදහසයි.

කොරල් වර්ග ලෙස,මල් කොරල්, ප්ලේට් (පැති) කොරල්, කප් එක වගේ කොරල්, මිනිස් මොළයේ හැඩැති කොරල්, යනුවෙන් වර්ග 4ක් දැනට හඳුනාගෙන තියෙනවා. වර්ග මීටර් 50ක ප්‍රදේශයක් පුරා එම කොරල් පරය පැතිරී තිඛෙන අතර විවිධ ස්ථාන වල කුඩා ප්‍රමාණ වලින් කොරල් විසිරී තිඛෙනවා. මෙම කොරල් ආශ්‍රිත විසිතුරු මසුන් වර්ග 10ක් පමණ ජීවත් වෙන බවට වාර්ථා වේ.

ගල්මල් හැටියට ධීවරයින් හඳුන්වන මෙම කොරල්පර ගැන ඔවුන් තුළ ඇත්තේ අඩු දැනුමක්. එම නිසා මෙම කොරල්පරයේ වයස ගැන පැරණි ධීවරයන් තුළ පැහැදිලි අදහසක් නොමැත.

කොරල්පර නැරඹීම

කොරල්පර නැරඹීම සඳහා හික්කඩුව ප්‍රදේශයට යාම වෙනුවට මීගමුවේ කොරල්පර නැරඹීමට පුළුවන්. මුහුද වලාල කාලය එනම් මාර්තු සිට මැයි දක්වා කොරල්පර නැරඹීමට පහසුයි. මුහුදේ රළු ගතිය අඩු ජලයේ පැහැදිලි ස්වභාවය පවතින විට මුහුදු පතුල ඉතා හොඳින් දර්ශනය වන මෙම ස්ථානයේ කොරල්පර වල ඇති සුන්දරත්වය අපූරුවට නැරඹන්න පුළුවන්.

1 මීගමු කලපු මෝයේ සිට මීටර් 800ක් ඈතින් තිඛෙන කොරල්පරය මගින් කලපුව සහ
මුහුදු මත්ස්‍යයන් බෝවීමේ මධ්‍යස්ථානයක් නිර්මාණය වී තිඛෙනවා. මේ නිසා
කොරල්පර ප්‍රදේශ ආරක්ෂා කිරීම හා ජනතාව දැනුවත් කිරීම රාජ්‍ය ආයතන මගින් කළ යුතු වෙනවා.
2 මෙම කොරල්පරය වගා කිරීම සඳහා වෙනත් කොරල්වර්ග ගෙනවිත් රෝපනය කළ
යුතුයි.
3 ධීවරයන් විසින් කොරල්පර මත දැල් එලීමෙන් සිදුවන හානිය
වැලැක්වීමට රාජ්‍ය ආයතන ක්‍රියාත්මක විය යුතුයි.

නමුත් බලධාරින් මේ ගැන කටයුතු කරයි කියල විශ්වාසයක් නෑ

ජායා සහ විස්තරය – නාමල් ප්‍රනාන්දුගෙනි.

2013 මිපුර පුවත් පත

නාමල් එදා මතුකරපු කාරණය හරියටමහරි.

මේක රැකගන්න අදාල බලධාරින් වගකිව යුත්තන් මැදිහත්වුනේ නැ.

ඒ හින්ද මොකද වුනේ?

Aruna 1අරුණ රොෂාන්ත

ඒ ගැන අපි ආයෙමත්.2018දි ලිව්වා

මීගමුව සංචාරක පුරවරයක් ලෙස ලංකාව පමණක් නොව ලෝකයේම අවධානය දිනාගත් නගරයකි. එයට ප්‍රධාන හේතුවක් වන්නේ මෙහි තිබෙන ස්වාභාවික පරිසරයයි .ස්වාභාවික පරිසරයට අදාලව ගොඩබිම ඇති ශාඛ සහ සත්ව කොට්ඨාශයත් , මුහුදේදී එහිඇති කොරල්පර සහ වෙනත් ශාඛ වර්ගත් අයත්වේ‘
අද මේ නගරයේ ගොඩබිම තිබෙන ලොකු, කුඩා ශාඛ විනාශ කරමින් පවතී. එසේම මුහුදේ තිබෙන ජලජ ශාඛ වල ඉරණමද එම තත්වයේම බව මේවනවිට පැහැදිළිය.

අප මෙසේ පවසන්නේ දෙස් විදෙස් සංචාරකයින් පැමිණ විනෝදවන ස්ථානයක් වු මෝරවල අපිරිසිදු තැනක් බවට පත්වෙමින් ඇති නිසාය.මේ පිළිබඳව අවධානයෙන් සිටින සමස්තලංකා ධීවර ජනතාවගේ වෘතිය සංගමයේ සභාපති සහ එක්සත් ධීවර සමීතියේ සභාපති වන අරුණ මහතා සඳහන් කරන්නේ මෝරවලේ තිබෙන කොරල්පර මේවනවිට මැරී ඇතිබවයි.
ඒ අනුව විශාල අපද්‍රව්‍ය ප්‍රමාණයක් මුහුදට සහ කලපුවට බැහැර කිරීම ප්‍රධාන හේතුව වන අතර කරවල වාඩිවලින් බෝට්ටුවල පටවා ගෙනැවිත් දමන මාළුන්ගේ කොටස් ,රබර් ග්ලව්ස් ආදියෙන් මුහුද සහ කලපුව අපවිත්‍ර වන බවයි.
මේවායේ ප්‍රතිපලයක් වශයෙන් කොරල්පර කළුපැහැ ගැන්වී ඇතිබව අරුණ මහතා සඳහන් කරයි. ඔහු පවසන්නේ මේවා ගැන සොයා බලන බලධාරීන්ට කිසිදු හැගීමක් නැතිකල අප කුමක් කරන්නද කියාය.

විශාල පරිමාණයෙන් ඉහතකී අපද්‍රව්‍ය බැහැර කරන්නේ අතමිට ඇති අය හෙයින් මුදලේ බලය පෙන්වා තමන්ගේ මඩිය පුරවා ගනිති. පොදු දේපල වලට කුමක් සිදුවුවත් මේඅයට කම්නැත. වැටත් නියරත් ගොයම් කානම් කාට පවසමි මේ අමාරුව, කියා නිහඩව සිටීමටද නොහැක.

මිගමුව ගද ගහන
තත්වයකට පත්කරප ලංසා පවුල් පාලනය විසින් මිගමුවේ සංචාරක කර්මාන්තය විනාශ කරල දැමම.

දැන් මිගමුවේ සංචාරක සංගමය ලොකු මහන්සියක් ගන්නව නැවත මිගමුවට සංචාරකයන්ට ගේන වැඩපිළිවෙළක් හදන්න.

ඒත් ඇත්තටම මිගමුවේ අපට මොනවද තියෙන්නේ එන සංචාරකයන්ට පෙන්වන්න.

එතකොට තමයි තේරෙන්නේ අර කොරල් පර ටික රැක⁣ගෙන තිබුන නම් කොයිතරම් වැදගත්ද කියල

අපරාධයක්.

මේ පුනරුද පාලනයවත් කලපුව මුහුද විනාශ කරන අයව හුරතල් කරන්⁣නේ නැතුව කෙලින් තින්දු අරන් මේ වෙරල කලපු පරිසර  පද්ධතිය රැකගන්න පියවරගන්න වෙනව.

සංදර්ශනාත්මක විදියට කඩොල් පැල හිටෙව්වා කියල මේක රකින්න බැ.
නිතියට පිටින් වැඩ කරපු වැඩකරන අයට නිසි දඩුවම් දිල වැඩේට බහින්න ඕනා

අනික හැමෝටම තේ⁣රෙන්න ඕනා මෙයාලත් එක්ක නම් පරණ සෙල්ලම් බෑ කියල.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here