මීගමුවේ රස පැතිරෙයි. …

0
48

මීගමුව, සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමය ප්‍රථම වතාවට ඉදිරිපත් කරන සූර්ය මංගල්‍යය 2025 නව අවුරුදු උදාන, සංස්කෘතික කලා මහෝත්සවයේ පවත්වන එක් අංගයක් වන රස කැවිලි සෑදීමේ තරඟය මේ වන විට ආරම්භ වී තිබේ .මේ සඳහා මීගමුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති කාන්තා සමිති කණ්ඩායම් 05 ක් තරඟ වදී. කොණ්ඩා කැවුම්, කොකිස් සහ,මීගමුවට ආවේණික මිගමු අලුවා යන රස කැවිලි මෙහිදී පිළියෙල කළ යුතු වේ.

IMG 20250511 WA0045IMG 20250511 WA0041IMG 20250511 WA0040
මෙම තරඟය විනිශ්චය කරනු ලබන්නේ සෝලෝ කැෆේ ඇන්ඩ් රෙස්ටුරන්ට් හී ෂෙෆ් ප්‍රියන්ත මහතා ඇතුළු මීගමුව සංචාරක ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සාමාජික සාමාජිකාවන් විසිනි. මෙහිදී කොණ්ඩා කැවුම් ප්‍රදර්ශනාත්මකව පිළියෙල කරන අතර කොකිස් සහ මීගමු අලුවා පිළියෙල කිරීම මෙම තරඟයට ඇතුළත් වෙි.මෙහිදී රස කැවිලි වල රස මෙන්ම එහි වර්ණය ,හැඩය සහ එය පිළිගැන්වීමේ ක්‍රමය ආදී අංග පිළිබඳව මෙම විනිශ්චයට අදාළ වේ.
මෙවැනි සංස්කෘතික අංග මෙන්ම තවත් මෙරටට ආවේණික ජන ක්‍රීඩා රාශියක් මෙම සූර්ය මංගල්‍ය 2025 නව අවුරුදු උදාන සංස්කෘතික කලා උත්සවයේදී පැවැත්වීමට නියමිත ඇත. අද දවස පුරාවට එනම් මධ්‍යම රාත්‍රිය වනතෙක්ම මෙම උත්සවය පැවැත්වීමට නියමිතව ඇත.IMG 20250511 WA0043

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here