මීගමුවේ විසු , මුස්ලිම් ජාතික වියතෙකුට ගෞරව ප්‍රණාම සම්මානයක්

0
455

. …

මීගමුව, ඇලෙස් පාරේ (කාමච්චෝඩේ) විසූ, සමස්ත ලංකා ජමේයිතුල් උලමා සංවිධානයේ හිටපු සාමාන්‍යාධිකාරියෙකු සහ මුස්ලිම් වියතුන්ගේ සංගමයේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු වූ ද අභාවප්‍රාප්ත අල්හාජ්, ඇෂ්- ෂෙයික් , එම්.ජේ.එම් රියාල් (ගෆුරී) මවුලවිතුමාන් වෙත ගෞරව ප්‍රනාම සම්මානයක් පිරිනමන ලදී. මෙම සම්මානය පිරිනමන ලද්දේ ඊයේ දින (25/10/2025) සවස , කොළඹ, ශ්‍රී ලංකා තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ පැවති විශේෂ උත්සවයකදීය . මෙම විශේෂ ගෞරව ප්‍රණාම සම්මාන උත්සවය සංවිධානය කර තිබුණේ මෙරට ක්‍රියාත්මක වන “අල් අස්ලාෆ් අනුස්මරණ සංසදය” (AL ASLAF FOREBEARS MEMORIAL FORUM) මගිනි.
“අල් අස්ලාෆ් අනුස්මරණ සංසදය” යනු මෙරට වෙසෙන දේශපාලනික ව්‍යාපාරික , අධ්‍යාපනික, සමාජීය , ආගමික සහ රාජ්‍ය සේවා වැනි විවිධ ක්ෂේත්‍ර තුල නියෝජනය වන මුස්ලිම් ජාතික වියතුන්ගෙන් සැදුම්ලත් සංවිධානයකි. ඒ අනුව මේ වන විට අභාවප්‍රාප්ත වූ මෙරට මුස්ලිම් ජාතික වියතුන් අතින් සිදුවූ එම උදාරතර මෙහෙවර අගය කිරීම සහ ඔවුන් විසින් සිදුකල එම කාර්යභාරයන් පිළිබඳව අනාගත පරපුර දැනුවත් කිරීම පෙරදැරිකර ගනිමින් මෙම ගෞරව ප්‍රණාමය ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වීමේ, මූලික අරමුණ බවට පත්වී තිබිණි.IMG 20251027 WA00321 IMG 20251027 WA0031 IMG 20251027 WA0030 IMG 20251027 WA0029 IMG 20251027 WA0028 IMG 20251027 WA0027 IMG 20251027 WA0025 IMG 20251027 WA0024 IMG 20251027 WA0023 IMG 20251027 WA0022

මෙම විශේෂ උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ හිටපු උපරිමාධිකරණ විනිසුරුවරයෙකු වූ IMG 20251027 WA0026ආචාර්ය සලීම් මර්සූප් මහතායි. එලෙසම මුස්ලිම් කොංග්‍රස් පක්ෂයේ නායක හා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා, ඇතුළු තවත් ගෞරවනීය ආරාධිතයින් පිරිසක්ද මෙම උත්සවයට සහභාගි වූහ.
ඒ අනුව හිටපු උපරිමාධිකරණ විනිසුරු ආචාර්ය සලීම් මර්සූප් මහතා විසින් මීගමුවේ විසූ , .අභාවප්‍රාප්ත අල්හාජ්, ඇෂ්- ෂෙයික් , එම්.ජේ.එම් රියාල් (ගෆුරී) මවුලවිතුමාන් වෙනුවෙන් පිරිනමනු ලැබූ එම ගෞරව ප්‍රණාම සම්මානය ඔහුගේ වැඩිමහල් පුත් ජ්‍යෙෂ්ඨ නීතිඥ එම්.ආර්.එම්. සල්මාන් මහතා වෙත පිරිනමන ලදී.

. ඇෂ්- ෂෙයික් , එම්.ජේ.එම් රියාල් (ගෆුරි) මවුලවිතුමන් , රෙදි පිළි ව්‍යාපාරිකයෙකු වු මොහොමඩ් ජලාල්දීන් සහ ජවාදියා උම්මා යුවලට දාව 1933 වසරේ ජනවාරි මස 25 එවැනි දින මීගමුව කම්මල්තුර ප්‍රදේශයේදී උපත ලැබූ අතර කම්මල්තුරේ ප්‍රදේශයේම පිහිටි වර්තමානයේදී හඳුන්වන අල්-ෆලාල් විදුහලෙන් සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කළේය. පසුව මහරගම කෆුරීයා අරාබි පාසලෙන් වැඩිදුරටත් ඉස්ලාමීය ධර්මය , අරාබි භාෂාව, සහ ශරියා නීති මුලයන් මෙන්ම ඉස්ලාමීය නීතිය සම්බන්ධව ද හදාරා 1951 වසරේ මව්ලවිතුමෙකු බවට පත්විය. ඉන්පසු අට්ටාලච්චේනයේ ගුරු අභ්‍යාස විද්‍යාලයෙන් ගුරු පුහුණුව ලබා පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයෙන් ද උපාධි ලැබීය. පාසල් ගුරුවරයෙකු ලෙස පත්වීම් ලැබු රියාල් (ගෆුරි) මවුලවිතුමාන් ,1970 ශ්‍රී ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමයට එක් විය. ඉන් පසු එහි ලේකම් ධූරය දරමින් ඈත ප්‍රදේශවල පවා සිටින මුස්ලිම් ජනතාව ඒකරාශී කරමින්, ප්‍රදේශීය වශයෙන් මෙන්ම දිස්ත්‍රික් වශයෙන් ද මුස්ලිම් වියතුන්ගේ සංගමය සක්‍රීය හා කාර්යක්ෂම සංගමයක් බවට පත් කිරීමටත් තවද එම සංගමය ව්‍යාප්ත කිරීමටත් විශාල දායකත්වයක් ලබා දුන් අතර ඒ සඳහා ඔහු දැවැන්ත කාර්යභාරයක් සිදු කළේය. තවද එම සංගමය සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් ස්ථාපිත කර ගැනීම වෙනුවෙන්ද ඔහු වඩාත් වෙහෙස මහන්සි වී කටයුතු කරමින් ඒ සඳහාද විශාල දායකත්වයක් ලබා දුන් අතර, ඒ අනුව ඔහු වසර 25 ක කාලයක් එම සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන් ද කටයුතු කළේය.

1962 වසරේ ඔහු මීගමුව, කාමච්චෝඩේ ප්‍රදේශයේ, සයිබුන්නිසා මහත්මිය සමග විවාහ විය. රියාල් (ගෆුරි) මවුලවිතුමන්ගේ 06 දෙනෙකුගෙන් යුත් දරුවන් අතර ඔහුගේ වැඩිමහල් පුතු වන එම්.ආර්.එම්. සල්මාන් මහතා මෙරට ප්‍රකට, ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකි.
වසර 80 ක් ආයුවළඳා 2013 වසරේ එම්.ජේ.එම් රියාල් (ගෆුරි) මවුලවිතුමාන් අභාවප්‍රාප්ත වු අතර ඔහු ජීවත්ව සිටි කාලයෙන් වැඩි කාලයක්ම මෙරට වෙසෙන මුස්ලිම් ජනතාව එම ධර්මය තුළ පෝෂණය කරමින්, ඔවුන් ධාර්මිකව නඟා සිටුවීම වෙනුවෙන් මෙන්ම, සියලු ආගම් සහ සියලු ජාතීන් සමඟින්, ශ්‍රී ලාංකික ජන සමාජය තුල ජාතීන් අතර සුහදත්වය මෙන්ම ආගමික සංහිඳියාව ස්ථාපිත කරමින් වර්ධනය කිරීම සඳහා එතුමන් විසින් සිදු කළ එම අනගිභවනීය මෙහෙය උදෙසාත් , මෙරටට සිදු කරන ලද පොදු මහජන සේවාවන් උදෙසාත්, මෙම ගෞරව ප්‍රණාම සම්මානය පිරිනමන ලදී.

මෙම සම්මාන උත්සවයේදී අභාවප්‍රාප්ත එම්.ජේ.එම් රියාල් (ගෆුරි) මවුලවිතුමාන්ට මෙන්ම මෙරට ප්‍රථම මුස්ලිම් ජාතික සිවිල් සේවා නිලධාරීයා වූ සහ කොළඹ සහිරා විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකු වූ අභාවප්‍රාප්ත ආචාර්ය ඒ. එම්.ඒ. අසිස් මහතාට සහ ඩොමිනිකන් ජනරජයේ හිටපු ගරු කොන්සල්වරයෙකු වූ අභාවප්‍රාප්ත ශ්‍රීමත් අබ්දුල් ඩබ්.එම්. අමීර් මහතාටද මෙහිදී ගෞරව ප්‍රණාම සම්මාන පිරිනමන ලදී.

මෙම ගෞරව ප්‍රණාම සම්මාන උත්සවය සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ මුස්ලිම් ජාතික වියතුන් පිරිසක් මෙන්ම
සම්මානලාභී වියතුන්ගේ දරුවන්, එම පවුල්වල සමාජික සාමාජිකාවන් සහ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here