මීගමුව ඉතිහාසයේ ප්‍රථම සංචාරක ප්‍රවර්ධන තානාපති ධූරය, 2025 ශ්‍රී ලංකා විවාහක රූ රැජිනි සබිනා ට…

0
653

 

2025 වසරේදී ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ ලෙස කිරුළු පළන් සබිනා ටී. යුසෆ් මහත්මියට, නිගම්බෝ ටුවරිස්ට් ඇසෝසියේෂන් (Negombo Tourist Association – NTA) හෙවත් මීගමුව සංචාරක සංගමය මගින් , සංචාරක ප්‍රවර්ධන තානාපති ධූරයක් පිරිනමන ලදී. මීගමුව ඉතිහාසය තුල මෙතෙක් මේ ආකාරයෙන් සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා තානාපති ධූරයක් පිරිනැමූ ප්‍රථම අවස්ථාවද මෙය විය.

IMG 20260118 WA0008 IMG 20260118 WA0009IMG 20260118 WA00072Q==

මෙලෙස සංචාරක ප්‍රවර්ධන තානාපති ධුරය සබීනා ටී.යූසෆ් මහත්මියට පිරිනැමීම වෙනුවෙන් පසුගියදා මීගමුව, කුඩාපාඩුව, “ප්ලෙජ් ස්කේප්”:හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙස විශේෂ උත්සවයක්ද සංවිධානය කර තිබිණි. ඒ සඳහා මීගමුව සංචාරක සංගමයේ ආරාධනයෙන් සිව් ආගමික නායකයන් ලෙස කැලණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගරු පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ, මීගමුව වැල්ල වීදිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ මීසම් පාලක ගරු ගයන් පෙරේරා පියතුමා, මීගමුව කාමාච්චි අම්මාන් කෝවිලේ ප්‍රධාන පූජක ගරු මුරලි කුරුක්කල්තුමන් සහ මීගමුව පෝරුතොට මුස්ලිම් දේවස්ථානයේ , අබ්දුල්ලා ඩිනී ප්‍රධාන මවිලිතුමන් සහභාගි වූහ.IMG 20260118 WA0017 IMG 20260118 WA0016 IMG 20260118 WA0015 IMG 20260118 WA0014 IMG 20260118 WA0013 IMG 20260118 WA0012

එලෙසම මේ සුවිශේෂී උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ ගම්පහ දිස්ත්‍රික් සංචාරක සහ කර්මාන්ත කමිටුවේ ගරු සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතායි. එලෙසම කටුනායක-සීදුව නගර සභාවේ සභාපති සුපුන් සිල්වා මහතා සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියද විශේෂ ආරාධිතයින් ලෙස මෙම උත්සවයට සහභාගි වුහ. මෙම උත්සවය පිළිගැනීමේ කතාව සිදු කළේ මීගමුව සංචාරක සංගමයේ උපසභාපතිනි රොෂානී ෆොන්සේකා මහත්මියයි. ඉන් අනතුරුව ගරු පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ වර්තමානයේ ජීවත්වෙන බොහෝ දෙනෙකු නොදන්නා මීගමුව ප්‍රදේශයේ යට ගිය ඉතිහාසය පිළිබඳව කරුණු කාරණා ගෙනහැර දක්වමින් වියත් දේශනයක් සිදු සිදුකළ අතර, ඉන්පසුව උත්සව සභාව ආමන්ත්‍රණය කල මීගමුව සංචාරක සංගමයේ සභාපති ඒ වර්ණකුමාර මහතා ප්‍රකාශ කළේ දශක ගණනාවක් තිස්සේ සංචාරක පුරවරයක් ලෙස ජනාදරයට පත් ව ඇති මීගමු සංචාරක පුරවරය මෑතක සිට විදෙස් සංචාරක ආකර්ෂණය යම් තරමකින් ගිලිහී යමින් තිබෙන බවයි. එහෙයින් මෙවන් වකවානුවක මීගමු පුරවරයේ ඓතිහාසික සහ පාරිසරික වටිනාකම් මෙන්ම මෙම සංචාරක පුරවරයේ ඇති ආකර්ෂණීයභාවය ලොවට කියන්නට ,විවාහක රූ රැජන ලෙස සබිනා ටී.යුසෆ් මහත්මියට විශාල හැකියාවක් ඇති බවද ඔහු එහිදී අවධාරණය කළේය. එනිසා මෙලෙස ඇය වෙත මීගමුව පුරවරය වෙනුවෙන් සංචාරක ප්‍රවර්ධන තානාපති ධූරයක් පිරිනමන්නට තමා හා තම සංගමය කටයුතු සංවිධානය කළ බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.. එලෙසම ඔහු මෙහිදී පෙන්වා දුන්නේ මීගමුව සංචාරක කර්මාන්තය සංවර්ධනය කල යුත්තේ ,මීගමුව තුළ පවතින ප්‍රධාන කර්මාන්තය වූ ධීවර කර්මාන්තය ඇතුළු සෙසු කර්මාන්ත සහ ව්‍යාපාරද සමගින් එකමුතුව බවයි.

IMG 20260118 WA0011 IMG 20260118 WA0006 1 IMG 20260118 WA0005 IMG 20260118 WA0004 IMG 20260118 WA0003 IMG 20260118 WA0002

ඉන් අනතුරුව කතා කළ මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වන ගම්පහ දිස්ත්‍රික් සංචාරක සහ කර්මාන්ත කමිටුවේ ගරු සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා පැවසුවේ තමන් නියෝජනය කරන ජන බලවේග රජය විසින් මීගමුව ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කය තුළ සංචාරක ආකර්ෂණය සහිත ප්‍රදේශ ගණනාවක්ම මේ වන විට හඳුනාගෙන ඇති බවත්, එම ප්‍රදේශ සියල්ලම කඩිනමින් සංවර්ධනය කර අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපිත කර විශේෂයෙන්ම විදේශ සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන බවට පත්කොට මීගමුව ඇතුළු සමස්ථ ගම්පහ දිස්ත්‍රික්කයම එකම සංචාරක පුරවරයක් ලෙස ගොඩනැංවීමට මේ වන විට රජය විසින් අදිටන් කර ගෙන ඇති බවයි. ඒනිසා නුදුරේදීම මීගමුව ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කය කර්මාන්ත පුරවරයක් සේම මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ආකර්ශනීයම ගමනාන්තයක් බවට පත් කිරීමට මේ වන විටත් රජය විසින් සියලු සැලසුම් සකස් කර ඇති බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

පසුව සබිනා ටී. යුසෆ් මහත්මියට, ඉදිරි වර්ෂය සඳහා මීගමුව සංචාරක ප්‍රවර්ධන තානාපති ධුරය පිරිනැමීම පිළිබඳව හේතු පාඨයන් ලේඛනය කර ඇති ” සන්නස් පත්‍රය ” පිළිගැන්වීම සිදුවිය. ඇයට මෙම සන්නස් පත්‍රය පිරිනැමීම සඳහා සංචාරක සංගමයේ සභාපති ඒ. වර්ණකුමාර මහතාගේ ආරාධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා සහ කටුනායක-සීදුව නගර සභාවේ සභාපති සුපුන් සිල්වා මහතාද එක් වූහ.
එලෙස සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ අවස්ථාවෙන් පසුව සභාව ආමන්ත්‍රණය කලේ මීගමුව පුරවරයේ අභිනව සංචාරක ප්‍රවර්ධන තානාපති ධූරයෙන් පිදුම් ලැබූ 2025 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සබිනා ටී. යුසෆ් මහත්මියයි. ඇය එහිදී විශේෂයෙන්ම සඳහන් කළේ තමන්ට මෙලෙස ලබා දුන් තානාපති ධූරය තම හදවතින්ම පිළිගන්නා බවයි. එලෙසම මීගමුවේ සංචාරක ප්‍රවර්ධනය සඳහා තමන්ගේ උපරිමයෙන්ම ඒ සඳහා මැදිහත්ව කටයුතු කරන බවද ඇය ප්‍රකාශ කළාය. මීගමුව පුරවරය සතු මනරම් සහ ආකර්ෂණීය මුහුදු වෙරළ, කලපුව වැනි පාරිසරික දායාදයන්ද එලෙසම වෙනත් ඓතිහාසික උරුමයන්ද සංචාරක ආකර්ෂණය සඳහා යොදා ගන්නා සේම මීගමුවේ වෙසෙන විවිධ ජාතීන් , විවිධ ආගම් නියෝජනය කරන ජනතාව අතරේ පවතින සහෝදරත්වය සමගිය සහ මිත්‍රශීලී ළෙන්ගතු බව ද එලෙසම ඔවුන් අතර ඇති සංස්කෘතික විවිධත්වය සහ සංස්කෘතික බැඳීම්ද මීගමුව සංචාරක ප්‍රවර්ධනය සඳහා යොදාගත යුතු බව ඇය මෙහිදී පෙන්වා දුන්නාය. එලෙසම මීගමුවේ පවතින , මීගමුවටම ආවේණික ආහාර සංස්කෘතියද ඉහල සංචාරක ආකර්ෂණයක් ඇති කිරීම සඳහා යොදා ගත හැකි බවද ඇය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය. තමන් ලොව බොහෝ රටවල් වලට ගොස් ලබාගන්නා දැනුම සහ අත්දැකීම්ද , මීගමුවේ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා බෙහෙවින් ඉවහල් වන බවත් එම නව දැනුම සහ අත්දැකීම් සමගින් මීගමුවේ සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා දායක කරගන්නා බවත් ඇය මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළාය.
තවද මෙම වැඩසටහන සඳහා සහභාගි වූ ගරු ස්වාමින් වහන්සේ ඇතුළු සිව් ආගමික පූජකතුමන්ලා විසින් එළඹෙන ජනවාරි 27 වැනි දින ඇමෙරිකාවේ ලස්-වේගාස් නගරයේදී ආරම්භභ වන 2026 ලෝක විවාහක රූ රැජිණ තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන සබිනා ටී. යුසෆ් මහත්මියට ආශිර්වාද පැතීම සහ සුභ පැතුම් එක් කිරීමද මෙහිදී සිදුවිය.

IMG 20260118 WA0018

ආකර්ෂණීය සහ විචිත්‍රවත් නර්තන අංගවලින්ද සමන්විතව, අති උත්කර්ෂවත් ලෙස පැවැත් වූ මෙම විශේෂ උත්සවය සඳහා මීගමුව සංචාරක සංගමයේ ආරාධනයෙන් මීගමුව ප්‍රදේශයේ ප්‍රකට දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරින්, එලෙසම මීගමුවේ සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්, සමාජ සේවා ක්‍රියාධරයන් , ධීවර සංවිධාන ඇතුළු ස්වේච්ඡා හා සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

(( මෙම සටහන සඳහා ඡායාරූප ලබා දුන් ඡායාරූප ශිල්පී ජූඩ් ලලන්ත මහතාට අපගේ විශේෂ ස්තූතිය පිරිනමමු. ))

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here