මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයේ, ප්‍රජා පොලිස් ඒකකය මත්ද්‍රව්‍ය නිවාරණ සතිය වෙනුවෙන් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින (02/07/2025) සවස මීගමුව නගරයේ ඔරලෝසු කනුව අබියසදී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා මීගමු පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ නිලධාරීන් මෙන්ම, ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයන්, සහ සිවිල් ක්‍රියාදරයන් පිරිසක් සහභාගි වූහ.
මත්ද්‍රව්‍ය වලට ලොල්වීමෙන් සිදුවන ආදීනව ප්‍රකාශ වන පුවරු ප්‍රදර්ශනය කරමින් සහ මාර්ගයේ ගමන් කළ සියලු දෙනා වෙත දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා හරිමින් මෙම මත්ද්‍රව්‍ය නිවාරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන මීගමු නගරයේදී පවත්වනු ලැබීය













