මීගමුව බෞද්ධ සදාචාරවර්ධන සමිතියේ 96 වන සංවත්සරය

0
454

71“මීගමුව බෞද්ධ සදාචාරවර්ධන සමිතියේ 96 වන සංවත්සරය නිමිත්තෙන් ,ආචාර්ය රාජකීය පණ්ඩිත පූජනීය බලංගොඩ රාධ ස්වාමීන්වහන්සේ දේශනා කරන ලද සුමධුර දම් දෙසුම මීගමුව බෞද්ධ මන්දිරයේදී පිංවත් සැදැහැවතුන් දහසක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

මෙම මහඟු පුණ්‍ය කර්මය සංවිධානය කරන ලද්දේ මීගමුව බෞද්ධ සදාචාරවර්ධන සමිතියේ වත්මන් ගරු සභාපති විශ්‍රාමික විංග් කමාන්ඩර් කුමුද එරමුදුගොල්ල මහතා ,ලේකම් ස්වර්ණා රන්වල මහත්මිය , භාණ්ඩාගාරික නලින් අශෝක රාජසිංහ මහතා ඇතුළු මීගමුව බෞද්ධ සදාචාරවර්ධන සමිතියේ කළමණාකාර කමිටුව විසින් වන අතර මෙම සදහම් දේශනාව ශ්‍රවණය කිරීමට පැමිණි සියලු දෙනා හට බෙලිමල් දන්සලක් ද පවත්වන්නට යෙදුණි.

මීගමුව බෞද්ධ සදාචාර වර්ධන සමිතිය 1929 ජූනි මස 16 වෙනිදින මීගමුව හලාවත පාරේ පිහිටි ශ්‍රී ධම්මානන්ද ආවාසයේදී සිංහල සහ ද්‍රවිඩ සාමාජිකයන් දොළොස් දෙනකුගෙන් ආරම්භ කර ඇත, එය අද වන විට මීගමුව ග්‍රීන්ස් පාර අංක 129 හි පිහිටි බෞද්ධ මන්දිරයේ ස්ථාපිතව වසර 96ක කාලයක් බෞද්ධ සංස්කෘතිය සදාචාරය හා බෞද්ධ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමත් බෞද්ධ ධර්මය ප්‍රචාරය කිරීමත් යන මහැඟි පරමාර්ථයන් පෙරදැරි කර ගනිමින් මීගමුව නගරය තුළ සුවිසල් මෙහෙවරක් ඉටුකරනුු ලබයි, වර්තමානයේ සාමාජිකයන් දෙසීයක පමණ සංඛ්‍යාවක් එහි සාමාජිකත්වය දරති,මීගමුව බෞද්ධ සදාචාර වර්ධන සමිතිය වසරේ සෑම පුන් පොහෝ දිනයකදීම ධර්ම දේශනා සිල් සමාදන් වීම් ධර්ම සාකච්ඡා,භාවනා වැඩසටහන් ඇතුළු පින්කම් රැසක් බෞද්ධ ජනතාව උදෙසා අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන අතර සිසු සිසුවියන් 40 දෙනෙකුගෙන් පමණ සමන්විත ඉර්දින දහම් පාසලද පවත්වාගෙන යනු ලබයි,

එසේම මෙම සමිතිය මගින් පරිපාලනය වන උසස් අධ්‍යාපන අංශය හරහා මීගමුව හා ඒ අවට ප්‍රදේශවල දරුවන්ගේ නැණස පාදනු වස් ගුණාත්මක අධ්‍යාපනයක් ආරක්ෂිත වටපිටාවක් තුළ ලබාදීමට නිරතුරුවම කැපවීමෙන් සිටිති.70 69

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here