මීගමුව රෝහලේ වාට්ටු අවට පිහිටි පුද්ගලික ගොඩනැගිලිවලට ?

0
135

3මීගමුව රෝහලෙ පිහිටි වාට්ටු රෝහල අවට පිහිටි ගොඩනැගිලි වෙතට මාරු කිරිමේ සැලැස්මක් ක්‍රියාත්මක වෙමින් තිබේ.
එහෙත් වාර්ථා වන අන්දමට මේ කටයුත්ත සම්බන්ධයෙන් රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් අතර පැහැදිලි එකඟතාවක් නැතිවිමේ හේතුවෙන් ගැටළු පැන නගින්නට පටන්ගෙන ඇතැයි වාර්ථා වේ.
මීගමුව රෝහලේ ඉදිරිපිට පිහිටි ප්‍රියශාන්ත ගොඩනැගිල්ල වෙතට ඊයේ දිනයේ රෝහලේ ඇතැම් අංශවලට අයත් බඩුබාහිරාදිය ඇදිමක් සිදුකර තිබුනද එදිනම සවස් වරුවේ යළිත් ඒවා රෝහල වෙත අදිනු ලැබ තිබුනේ ඇතැම් වෛද්‍යවරුන්ගේ කඹ ඇදිල්ල නිසාවෙන් බවද කියවේ.
මීගමුව දැන් සිටින්නේ එක්තරා ආකාරයක ආපදා තත්වයක් තුලය.ඒ මීගමුව රෝහලේ පිහිටා ඇති කලාපය හා බැදුන විශේෂතාවන් හේතුවෙනි.
මේ නිසා සමස්ථ රෝහල් කාර්ය මණ්ඩලය මේ තත්වයන් තේරුම් ගෙන මේ අවස්ථාවේ හැකිතාක් සාමුහික ක්‍රියාකාරිත්වයකට යෑම තුල පමණක් මේ අර්බුදකාරි මොහොත නිසි ලෙසින් කළමණාකරණය කරගන්නට හැකි වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here