මීගමුව සංචාරක සංගමයේ ” සන්රයිස් හාමනී-2025 ” ගෞරව ප්‍රණාම සැමරුම් උත්සවය. …

0
521

 

 

මීගමුව සංචාරක සංගමය, රාජ්‍ය නිලධාරීන්ට සහ ව්‍යාපාරිකයන්ට ගෞරව ප්‍රණාම සම්මාන පුද කරයි.

මීගමුවේ පැරණිතම සහ ක්‍රියාකාරීම සංචාරක සංගමය වන “”මීගමුව සංචාරකයන්ගේ සංගමය”” (Negombo Tourism Association – NTA ) පසුගිය මැයි මස 10 සහ 11යන දිනවල මීගමුව සංචාරක හෝටල් කලාප වෙරළ පරිශ්‍රයේ දී පවත්වන ලද “” සන්රයිස් හාමනී 2025″”
(Sun Rise Harmony 2025) හෙවත් සූර්ය මංගල්‍යය 2025 අලුත් අවුරුදු ක්‍රීඩා උළෙල සහ හෙළ කලා සංස්කෘතික මහෝත්සවය සඳහා සහයෝගය දැක්වූ රාජ්‍ය නිලධාරීන්ටත් එලෙසම ඒ සඳහා මූල්‍ය දායකත්වය සැපයූ ව්‍යාපාරික ප්‍රජාවටත් ගෞරව ප්‍රණාමය පුද කිරීමේ අභිමානවත් උත්සවයක් පසුගිය 14 වැනි ඉරු දින සවස පවත්වන ලදී.
මීගමුව, කැරන් පෙදෙසේ, පිහිටි “අර්ල්ස් රීජන්ට් ” හෝටලයේ පැවැති මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියයි. එලෙසම මීගමුව නාගරික කොමසාරිස් නුවණි සුදුසිංහ මහත්මිය, වැඩ බලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් පෙරේරා මහතා , ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගුණරත්න මහතා සහ වින් කමාන්ඩර් මිලාන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයන් පිරිසක්ද ප්‍රධාන ආරාධිතයන් ලෙස මෙම උත්සවය සඳහා සහභාගි වූහ.IMG 20250917 WA0090IMG 20250917 WA0089IMG 20250917 WA0088IMG 20250917 WA0087 IMG 20250917 WA0086 IMG 20250917 WA0085

මීගමුව සංචාරක සංගමය මගින් මීගමුවේ පසුබෑමකට ලක්වී ඇති සංචාරක කර්මාන්තය යලි ප්‍රවර්ධනය කරමින් මීගමුවේ ආර්ථිකයට යම් ශක්තියක් ඇති කරලීම මූලික කරගනිමින් මෙම අලුත් අවුරුදු ක්‍රිඩා උලෙළත් ඊට සමගාමීව පැවැති සංස්කෘතික කලා මහෝත්සවයත් සංවිධානය කර තිබිණි. ඒ අනුව 2025 එනම් මේ වසරේ මැයි මාසේ 10 සහ 11 යන දිනවල මෙලෙස මීගමුව පුරවරයේදී ප්‍රථම වතාවට අහස , මුහුද, ගොඩබිම එකට යා කරමින සාම්ප්‍රදායික  අලුත් අවුරුදු කුීඩා වැඩසටහනකට එහා යමින් ශ්‍රී ලාංකික අනන්‍යතාවය, ඉතිහාසය සහ සංස්කෘතිය විදහා දැක්වෙන සිංහල හා දමිළ අලුත් අවුරුදු කලා උලෙළක් ලෙසින් මෙය පැවැත්විණි.IMG 20250917 WA0084 IMG 20250917 WA00811 IMG 20250917 WA0083 IMG 20250917 WA0082 IMG 20250917 WA0081 IMG 20250917 WA0080

මෙලෙස මෙවැනි සාර්ථක ක්‍රීඩා උළෙලක් සහ සංස්කෘතික කලා මහෝත්සවයක් පැවැත්වීමට මීගමුව, සංචාරක සංගමයට, මීගමුවේ රාජ්‍ය ආයතන ගණනාවක් විශේෂයෙන්ම මීගමුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහා නගර සභාව, මහා නගර සභාවේ සෞඛ්‍ය අංශය , ත්‍රිවිධ හමුදාව, පොලිසිය, ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවක් සිය සහයෝගය ලබා දී තිබිණි. ඒ අනුව එම රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට සහ මෙම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් පැමිණ සිටි නිලධාරීන් හට මෙම උත්සවයේදී සැමරුම් තිළිණ ප්‍රදානය කෙරිණි.

එලෙසම මෙම නව අවුරුදු ක්‍රිඩා උළෙල සහ සංස්කෘතික මහෝත්සවයේ සියලු බර පැන දායකත්වය සැපයූ ප්‍රකට ව්‍යාපාරික ආයතනවල ප්‍රධානීන්ට සහ නියෝජිතයින්ට ද සැමරුම් තිළිණ ප්‍රදානය කෙරිණි. ඒ අනුව මීගමුව සන්රයිස් හාමනී-2025 අලුත් අවුරුදු ක්‍රිඩා උළෙල සහ සංස්කෘතික මහෝත්සවය සාර්ථක කර ගැනීමට මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබා දුන් සහයෝගය වෙනුවෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මියට මේ උත්සවයේදී ප්‍රථම සැමරුම් තිලිනය ප්‍රදානය කෙරුණු අතර මීගමුව මහා නගර සභාවෙන් ලබා දුන් සහයෝගය වෙනුවෙන්, නාගරික කොමසාරිස් නුවණි සුදුසිංහ මහත්මියටත් , සෞඛ්‍ය අංශය වෙනුවෙන් වැඩ බලන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් පෙරේරා මහතාට සහ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරි ගුණරත්න මහතාට ද මෙහිදී විශේෂ සැමරුම් තිළිණ ප්‍රදානය කෙරිණි. මේ ආකාරයෙන් රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ටද සැමරුම් තීලිණ ප්‍රදානය කළහ.එලෙසම මීගමුව සන්රයිස් හාමනී-2025 නව අවුරුදු ක්‍රිඩා උළෙල සහ සංස්කෘතික මහෝත්සවය සඳහා මූල්‍ය අනුග්‍රහකත්වය සැපයූ, මෙරට ප්‍රමුඛ පෙළේ වෙළඳ ව්‍යාපාර වල අධිපතිවරුන් සහ එම ව්‍යාපාරවල නියෝජිතයන්ටද මෙහිදී විශේෂ සැමරුම් තිලණ ප්‍රදානය කෙරිණි.

එහිදී මෙම උත්සව සභාව ඇමතූ මීගමුව සංචාරක සංගමයේ සභාපති, ඒ. වර්ණකුමාර මහතා ප්‍රකාශ කළේ සංචාරක ආකර්ෂණය ඉහළ නන්වා ගැනීමටත්,මෙරටට පැමිණෙන සංචාරකයන් අතර මීගමුව ප්‍රමුඛ පෙළේ ආකර්ශනීයත්වය සහිත සංචාරක ගමනාන්තයක් බවට පත්කර ගැනීමටත් තම සංගමය වෙනත් සංවිධාන සමඟත් වර්තමාන රජය සහ රාජ්‍ය අංශයේ නිලධාරින් සමගත් එකට එකතුව දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බවයි. ඒ අනුව මීගමුව තුල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන අතරේ මීගමුවේ ධීවර ප්‍රජාවද අමතක නොකළ යුතු බවත් එම ප්‍රජාවද ආර්ථික හා සමාජයීය වශයෙන් නඟා සිටවිය යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ මීගමුවේ සංචාරක කර්මාන්තය, ප්‍රවර්ධනය කිරීමට සමගාමීව මීගමුවේ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහාත් මීගමුවේ ධීවර ප්‍රජාවට අවශ්‍ය යටිතල සහ තාක්ෂණික පහසුකම් මෙන්ම විශේෂඥ උපදෙස් ඇතුළු අනෙකුත් සහයෝගයද ලබා දිය යුතු බවයි .
තවද මීගමුව සංචාරක සංගමයේ ” සන්රයිස් හාමනී-2025 ” ගෞරව ප්‍රණාම පුද කිරීමේ මෙම උත්සවයේදී ප්‍රදේශයේ තෝරා ගත් අඩු ආදායම්ලාභී පවුල් 10 ක් සඳහා වියලි ආහාර පාර්සල් බෙදා දීමක්ද සිදුවු අතර මෙම උත්සවය සඳහා මීගමුව සංචාරක සංගමයේ සාමාජික සාමාජිකාවන් පිරිසක්ද සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here