මීගමුවේ නීතිඥවරු නඩු කටයුතුවලින් ඉවත් වෙයි…
කළු කොඩි දමා, රජයට විරෝධය දක්වයි.
වර්තමානයේ රටේ පවතින ඝාතන සංස්කෘතිය අවසන් කිරීමටත් මහජන ආරක්ෂාව තහවුරු කිරීමටත් රජයට බලකරමින්, .ඊයේ දින (15/02/2016) ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගත් තීරණයක් අනුව මීගමුව අධිකරණ සංකිර්ණය තුළ නඩු කටයුතු වල නිරත වන සියළු නීතිඥවරු සියලු අධිකරණ කටයුතු වලින් ඉවත් වී අධිකරණ සංකීර්ණයේ පියගැටපෙළ ඉදිරිපිටදී සිය විරෝධය පල කිරීමට එක් වුහ. එලෙස මීගමුව අධිකරණ සංකීර්ණයේ පියගැටපෙළ ඉදිරිපිට විරෝධතාවය නිරත වූ නීතිඥවරුන් පසුව පාගමනින් මීගමුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මහා මාර්ගය ඉදිරිපිටට පැමිණ සිය දැඩි විරෝධය සහ අප්‍රසාදය වර්තමාන රජයට එල්ල කළහ. ඒ අනුව අධිකරණ භුමිය තුලත්, අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මහා මාර්ගයේදීත්, දැන්වීම් හා පුවරු ප්‍රදර්ශනය කරමින් අද දින (16/02/2026) පෙරවරු 11.00 ට පමණ මෙලෙස විරෝධතාව ආරම්භ කළ අතර මෙම විරෝධතාවය සඳහා මීගමුව අධිකරණ සංකීර්ණයේ නීතිඥ සේවා සපයන නීතිඥවරුන් 150 දෙනෙකු පමණ සහභාගි වූ බව ලංකා නීතිඥ සංගමයේ මීගමුව ශාඛාවේ ගරු ලේකම් ජ්‍යේෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා සඳහන් කළේය.
පසුගියදා, බත්තරමුල්ල , අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට සහ වර්තමානයේ රට තුල ඇතිවී තිබෙන ඝාතන සංස්කෘතිය අවසන් කිරීමටත් එලෙසම රටේ සමස්ත ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් රජයට බල කිරීම අරමුණු කර ගනිමින් නීතිඥවරුන් අද දින රට පුරා පවත්වනු ලබන මෙම විරෝධතා මාලාවට සමගාමීව මීගමුව අධිකරණ සංකීර්ණය ආශ්‍රිතවද මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.

ඒ අනුව නීතිඥවරුන් තම තමන්ගේ අධිකරණ ශාලාවලට ගොස්, රාජකාරීවලින් ඉවත් වන බව විනිසුරුවරුන්ට දැනුම් දී ඇති බවත් ,ඉන් පසු අධිකරණවල කටයුතු නතර නොකල අතර නීතිඥවරු නොමැතිව විනිසුරුවරු නඩු කටයුතු ආරම්භ කර නඩු සඳහා ඉදිරි දිනයන් ලබා දුන් බවද මෙහිදී වැඩිදුරටත් වාර්තා විය.
ඡායාරූප.-
එන්. ඉසෙඩ්. සජහාන් / සම්පත් පෙරේරා/රේමන්ඩ් අපොන්සු
















