සුව සෙවණ විඳුම ට
සිත් තොසින් කල් ගෙවුම ට
මල් උයන ඇතුළ ට
දනෝ යති-එති සුහද හමුව ට
එදා පෙර කා ලේ
සතුට සුව විඳි තා ලේ
අගෙයි මන ලෝ ලේ
අන්න එද සුන් සොයන වේ ලේ
කුණු කසල පිරි ලා
කොටන් කොළ අතු වැටි ලා
සිරිය පිරිහී ලා
කඹරයෝ මල් උයන කා ලා
මීගමුව පැරණි බ ර
අහෝ කිම මේ දුක්බ ර
බලන්නට ඇස් ඇ ර
නැද්ද පෙර සිටි “බිඟුන්” සුන්ද ර
මල් උයන ගැනව ත්
සිතන්නට බැරි හරව ත්
“බිඟුන්” නැති රසව ත්
නගර සබයක විසුම පලනැ ත්
මීගමුව සුරකි න
ලස්සන වඩා සරස න
පුර සඛය කරව න
අයගේ යුතුකම නොවෙද අපම ණ
සිය රාජකාරි ය
කළ යුතුයි බලධාරි ය
නොකර-පම්පෝරි ය
දෙඩුම උත්තම ගුණද ආරි ය
බිහිරි අලි නම් කි ම
මාළිමා ඇති රතු හ ම
වයන වෙන නද මෙ ම
අසන සිත් කන් උලා ඇයි ගො ම
පුර සබේ බලල ත්
අයට පවසමි හිතව ත්
මල් උයන සිරිම ත්
ගතිය ලස්සන කරව් නැවත ත්
පුරපති සබැඳි මැතිව රු
සොඳුරු ලස්සන පියක රු
මල් උයන නිරතු රු
රකිත්වා යුතුකමක් පිවිතු රු
.– මීගමුවේ රාළ –.











