මීගමු සමුපේ සභාපති ඉල්ලා අස්වෙයි?

0
360

 

මාලිමාව විසින් පසුගිය සමුපාකාර ඡන්දයේදි ජයගත් මිගමු සමුපාකාරයේ සභාපතිවරයා එම තනතුරෙන් ඉල්ලා අස්වි ඇතැයි වාර්තාවේ.

මෙම තනතුරෙන් ඉල්ලා අස්වන ලෙසට මාලිමාවේ ක්‍රියාකාරින් විසින් ඔහුට දැනුම් දි තිබුන බවත් එයට හේතුව වි තිබුනේ ඔහු සමුපාකාර දෙපාර්තමේන්තුවේ සේවකයෙකුව සිටිමින් සමුපකාර ඡන්දයට ඉදිරිපත්වි සභාපතිධුරයට පත්ව සිටිමත් බව සැලය.

සමුපකාර දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් විසින් මේ ප්‍රශ්ණය මතු කිරිමෙන් පසුව මිගමුවේ මාලිමා ක්‍රියාකාරින් විසින් මේ තිරණය ගෙන තිබුන බව දැනගන්නට ඇත.

මේ පිළිබදව මිගමුවේ දේශපාලන කව අතර දැන් සංවාදයක් මතුව ඇත්තේ පිටිපන ප්‍රදේශයේ අයෙකු වන ඔහු සමුප ඡන්දයට ඉදිරිපත්ව සිටියදි මේ ගැන මිගමුවේ මාලිමා ක්‍රියාකාරින් නොදැන සිටියේද යන කරුණය.
අදාල නීතිය ගැන ඉතා හොදින් දන්නා මෙම සභාපතිවරයා දැන දැනම නීතියට වෙට්ටු දමන්නට ඇත්තේ මාලිමාවේ රැකවරණය ඔහුට ලැබේ යැයි සිතා විය යුතුය

කෙසේ වෙතත් මාලිමාව විසින් ගෙන තිබුන මෙම තීරණය අගේ කළ යුතුව ඇතියි සමුපාකාර සේවකයන් පවා පසසන්නට යෙදුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here