මුල්ලිවයික්කාල් සැමරුම හෙ⁣⁣ට (24) මිගමුවේදි!

0
47

පුනරුද ආණ්ඩුවේ විදේශ ඇමති විජිත හේරත් දෙරන 360 ඇවිත් කියල තිබුන ලංකාවේජන සංහාරයක් වුනේ නැ කියල.

දැන් මේ ජනසංහාර කතාව ආයෙමත් දේශපාලන සමාජය තුල මාතෘකාවක් බවට පත්වුනේ කැනඩාවේ හදපු ස්මාරකයත් එක්ක.

ඒක කැනඩා ආණ්ඩුවේ තීරණයක්.අපි මාධ්‍ය වලින් දැක්ක ලංකාවේ විදේශ ඇමති කැනඩා තානාපතිවරයාව කැදවල ඒ ගැන සිය නොසතුට පළකරා කියන ප්‍රවෘත්ති මාධ්‍ය විසින් වාර්තා කරල තිබුන.

කොහොම උනත් රාපක්ෂලව යුදදෙට දක්කපු ජවිපෙ කැමැති නැතුව ඇති තමන්ගෙ අත්වලත් ගෑවිලා තියෙන ඒ ලේ ගැන දැන් ආණ්ඩුව හැටියට මතක් කරගන්න.

කොහොම යුද්දෙ හින්ද දකුණෙ අදරැතියන්ටත් අහිමිවිම් ගොඩයි.

උතුරු නැගෙනහිර ජනයාට මේ යුද්දෙ හින්ද අත්දැකපු දකුණේ ආණ්ඩුවල ම්ලේච්ඡත්වය කියල නිමකරන්න බෑ.

මන්නාරමේ රදගරු තුමන් වන රායප්පු ජෝශප් හිමියන් කියපු විදියට මුලතිව් පැත්තට ආරක්ෂාව පතාගෙන ගිය අය ගෙන් එක්ලක්ෂ හතලිස්දායක් ආපහු ඇවිත් නැ.

කන්න නැතුව බෝම්බ ෂේල් වරුසාවක්ට ගොදුරු වෙලා දහස් ගණනක් මියැදුනා.

ඒ විතරක් නෙමේ යුද්දෙන් අවසන් දිනවලද හමුදාවට භාරවුන අයව පවා ඝාතනය කරපු ම්ලේච්ඡ පාලනයක්.

මේ ම්ලේච්ඡත්වය විසින් බිලිගත් අදරැතියන් සමරන එක උතුරු නැගෙනහිර හැමතැකම මේ මැයි මාසේ සිද්දවුනා.

මැයි 12 වෙනිදා ඉදන් මැයි 18 වෙනිදා වෙනකම් මේ සැමරුම් තිබුනා.

මිගමුවෙත් මැයි 24 වෙනිදට සැමරුමක් සංවිධානය කරල තියෙනව.
ඒ ක්‍රිස්තියානි ස⁣හයෝගිතා ව්‍යාපාරය විසින්.

යුද්ධයේ ම්ලේච්ඡත්වයට ශාප කරන්න , යුද්ධය විසින් බිලිගත් ජිවිතවලට යුක්තිය ඉටුකරන්න කියල බලකරන්න හදවත් ඇති සැමට මේ සැමරුමට එක්වෙන්න පුලුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here