වෙන්නප්පුව ප්‍රදේශයේ සිට සැතපුම් 12 ක පමණ දුරින් ගැඹුරු මුහුදේ පාවෙමින් සිටි විදේශිකයෙකුව කඩවත සාන්ත අන්තෝනි ධිවර තොටුපළින් මුහුදු ගිය ධිවරයන් විසින් අද 12 උදැසන බේරාගෙන ගොඩබිමට ගෙන ආ බව වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස බේරාගෙන ඇත්තේ නෝබට් ෆ්‍රැන්සිස් නැමති 21 හැවිරිදි විදේශිකයෙකි එම ධිවරයන් විසින් මෙම විදේශිකයාව ගොඩබිමට ගෙනවිත් වෙන්නප්පුව පොලිසියට කල දැනුම්දීමක් මත දැඩි වෙහෙසකර තත්වයෙන් සිටි එම පුද්ගලයාව ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුලත් කලබව වෙන්නප්පුව පොලිසිය කීය එම පුද්ගලයාගේ සෞඛ්‍ය තත්වය ඉතා හොඳ බවත් ඔහු තමන් සිටින ප්‍රදේශය ගැන අවබෝධයක් නොමැති නිසා වෙහෙසකර තත්වයක් දක්නට ලැබෙන බවත් විටින් විට තමන්ගේ අනන්යතාව ගැන විවිධ දේ ප්‍රකාශ කරමින් සිටින බව රෝහල් අරංචි මාර්ග පැවසීය මෙම විදේශිකයාගේ අනෙකුත් තොරතුරු කිසිවක් මෙතෙක් සොයාගෙන නොමැති බවත් මෙරට සංචාරයකට පැමිණ මුහුදේ නෑමට ගිය බව පමණක් ඔහු ප්‍රකාශ කරන බව පොලිසිය කීය මෙම විදේශිකයා සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් වෙන්නප්පුව පොලිසියට හෝ මාරවිල රෝහලට දන්වන මෙන ඉල්ලා සිටි මෙම විදේශිකයාව බේරාගත් බෝට්ටුවේ සිටි වෙන්නප්පුව කඩවත ප්‍රදේශයේ පදිංචි නිහාල් කෘශ් මහතා මෙසේ පැවසීය අපි පාන්දර මුහුදු ගිහින් 6 ට විතර ආපහු ගොඩට එද්දි තමා දැක්කේ අපි මුලින් හිතුවේ බෝයාවක් කියලා එත් ලංවෙද්දි අත් දෙකක් උස්සනවා පෙනුනා අපි එයාව බෝට්ටුවට අරගෙන කතා කලා එත් එයාට අපි කියන දෙයක් තෙරුනේ නැති නිසා අපි හිතුවා මෙයා විදේශිකයෙක් වෙන්න ඇති කියලා අපි ලඟ තිබුණ වතුර දීලා ගොඩබිමට ගෙනත් පොලිසියට කතා කරලා බාර දුන්නා අපි නොදැක්කනම් මෙය මැරෙන්නත් තිබුනා
චන්දන ප්‍රනාන්දු 














