මෙන්න ඇවෙන්රා පැටිකිරිය! නුසුදුසු කුකුල් මස් සහ පානීය ජලය නිසා කට්ටිය ලෙඩවෙලා?

0
332

 

මනුෂ්‍ය පරිහරණයට නුසුදුසු කුකුල් මස් සහ පරිහරණයට නුසුදුසු නල ජලය දිපු නිසයි ඇවෙන්රා හෝටලෙන් කෑම කාපු අය ලෙඩවුනේ කියල දැන් හරිම පැහැදිලියි.

පිටින් ඔපේ යටින් හපේ කියල තියෙන ගමේ කතාව මේ දවස්වල නම් හොදටම ගැලපෙන්නේ ඇවෙන්රා එකට

පිටින් බලන කොට නම් ඇවෙන්රා එක බවන වගේ හැබැයි…..

කුස්සිය පට්ට අපිරිසිදුයි කියල කටාන MOH එක 2024 දෙසැම්බර් මාසේ නඩුවක් දැම්ම
ඒ නඩුව තාම ඇහෙනවා
හැබැයි ඇවේන්රා අයිතිකාරයෝ මේ නඩුව මඟඅරිනවලු.තිබුන එකම නඩුවාරයකටවත් ඇවිත් නැ.මිලග නඩු දිනය පෙබරවාරි 27වෙනිදා.

දැන් තවත් නඩුවක්.

2025 ⁣දෙසැම්බර් මාසේ
එක දිගටම ඇවෙන්රි එකෙ තිබින ප්‍රියසම්භාෂණ වලට ගිය අය කෑම කෑවට පස්සේ ලෙඩවෙලා තිබුනා

සමහර අය⁣⁣ තමන් ලෙඩවෙලා තිබුන හේතුව දැනගෙන තිබුනෙත් අපේ වෙබ් එකේ කරපු හෙලිදරව්වක් හින්ද.

අපි දිගින් දිගටම කරුණු සහිතව මේක හෙළිකරද්දි ඇවෙන්රා සංවිධානාත්මක පිරිසක් බුකියේ අපට කුණු කතා කියල වට්ටන්න හැදුවා.
හැබැයි ඒ කුලිකරුවන්ට හොදම රිටන් එක ලැබුනෙ හෝටලෙන් කාල ලෙඩ වෙච්ච අයගෙන්

දැන් හරිනේ සල්ලි විසි කරල බුකියේ අපට ශද්දෙ දාපුහාම අපි පල්ලම් බහියි කියල ධනේශ් ඇන්ඩ් කොම්පැනිය හිතන්න ඇති.

අපි හරිම වෙලාවෙදි අවශ්‍යම දේ කලා.දැන් ඇවෙන්රා පාටිවලට ආපු අය ලෙඩවුන හේතුව රසායනගාර පර්යේෂණ වාර්තා වලින්ම ඔප්පු වෙලා.

හරිනේ ;මිපුර අපි කරපු මේ වගේ හෙළිදරව්වක් කවදාවත් වැරදිලා නැ.අපට කා එක්කවත් පුද්ගලික ඇරියසුත් නැ.

දැන් ඉතින් ඉතුරු ටික උසාවියයි ,කටාන MOH එකයි බලාගනියි.

 

 

 

.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here